මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදුලිබල ක්ෂේත්‍රයේ සුරක්ෂිතභාවය හා ස්ථායිත්වය සුරැකීමට ගතයුතු ක්‍රියාමාර්ග මොනවාදැයි තීරණය කිරීමට විශේෂ සාකච්ඡාවක්

    අගෝස්තු 21, 2020

    විදුලිබල ක්ෂේත්‍රයේ සුරක්ෂිතභාවය හා ස්ථායිත්වය සුරැකීමට ගතයුතු ක්‍රියාමාර්ගයන් සහ ඒවාට ඇතිවී තිබෙන බාධාවන් මොනවාදැයි සොයා බලා, පසුගිය දිනවල සිදුවූ අකාරයේ බාධාවන් ඇති නොවිම පිණිස ගතයුතු පියවරයන් මොනවාදැයි තීරණය කිරීම සදහා විශේෂ සාකච්ඡාවක් ඊයේ (20) ලංකා විදුලිබල මණ්ඩලයීය ප්‍රධාන කාර්යාලයේදි පැවැත්විනි.

    විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා යන මහත්ම මහත්මීන් සහ ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා ඇතුළු විදුලිබල අමාත්‍යාංශයේ සහ ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර මෙම විශේෂ සාකච්ඡාව පැවැත්විනි.

    පසුගියදා සමස්ත දිවයිනේ විදුලි පාරිභෝගිකයින් අපහසුතාවයට පත්කරමින් හදිසියේ ඇතිවූ විදුලි බිදවැටීම සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමුවූ අතර ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා පත්කළ සත් පුද්ගල කමිටු වාර්ථාව තමා වෙත ලැබීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව විෂයභාර අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

    විදුලිබල මණ්ඩලය යනු ශ්‍රී ලංකාව තුළ සේවා සපයන රාජ්‍ය ආයතන අතරින් සුවිශේෂි ආයතනයක් බවත්, එය ලාභ අපේකෂාවෙන් තොරව සමාජ සුභ සාධනය උදෙසා ක්‍රියාත්මක වියයුතු බවත්, විදුලිබල මණ්ඩලයේ පැවැත්ම ඇත්තේ පාරිභෝගික ජනතාව මත බැවින් විදුලිබල අමාත්‍යාංශය ප්‍රමුඛ ලංකා විදුලිබල මණ්ඩලය නිරන්තරයෙන් පාරිභෝගිකයාට සහනයක් වන පරිද්දෙන් ක්‍රියාත්මක වියයුතු බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

    ඒ අනුව විදුලිබල ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග කිසිදු පැකිලීමකින් තොරව ක්‍රියාත්මක කිරීමට තමන් සහ රාජ්‍ය අමාත්‍යතුමන් බලාපොරොත්තු වන බව පැවසූ අමාත්‍ය අලහප්පෙපෙරුම මහතා, නොයෙක් හේතූන් මත මෙතෙක් ක්‍රියාත්මක කිරීමට නොහැකිව ඇති විදුලි ව්‍යාපෘති ඉතාමත් කෙටි කාලයක් තුලදී ක්‍රියාත්මක තලයට ගෙනඒමට කටයුතු කරන ලෙසත්, එසේ කිරීමට යම් බාධාවක් ඇත්නම් ඒවා නිරාකරණය කරදීමට වහාම තමාට දැනුම්දෙන ලෙසත් අදාළ නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.

    අතිගරු ජනාධිපතිතුමන්ගේ ඒකායන අභිප්‍රාය වන සෞභාග්‍යයේ දේශයක් කරා රට ගෙනයාමේ කර්තව්‍යයට අප සියලු දෙනාම ඇපකැපවී කටයුතු කලයුතු බැවින්, සංවර්ධනයේ පෙරගමන්කරු ලෙස හැදින්විය හැකි විදුලිබල ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කළයතු සෑම කටයුත්තක්ම ඉතාමත් කඩිනමින් ඉටුකිරීමට අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට තමා ක්‍රියාත්මක වන බව ඩලස් අලහප්පෙරුම මහතා මෙහිදී විශේෂයෙන් අවධාරණය කරන ලදී.

    පසුගියදා සිදු වූ හදිසි විදුලි බිදවැටීම නිසා අපහසුතාවයට පත් වූ ජනතාව වෙත සමාව අයැදීම විදුලිබල මණ්ඩලයේ මෙන්ම අමාත්‍යාංශයේ වගකීමක් බවද අවධාරණය කළ අමාත්‍යවරයා, පෞද්ගලික අතපසුවීම් තුළින් ජාතික ආර්ථිකයට සහ ජන ජීවිතයට බරපතල හානියක් සිදු වීම වගකීම් විරහිතවීමක් ලෙස හැදින්වූ අතර මීට පසු එවැනි අතපසුවීම් සිදුනොවීම විදුලිබල මණ්ඩලයේ අත්හල නොහැකි වගකීමක් බවද පෙන්වා දුන්නේය.

    විශාල කැපකීරීමක් කරමින් වැරදි නිවරදි කිරීම සදහා පැය 10ක් පමණ දුෂ්කර අභ්‍යාසයක නිරත වූ ඉංජිනේරුවන් ඇතුළු සියලු සේවකයින්ට කෘතවේදී වීමටද අමාත්‍යවරයා අමතක නොකළේය.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya