මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රීඩා කුසලතාවන්ට ප්‍රමුඛතාව දෙමින් ක්‍රීඩා පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමට පියවර

    අගෝස්තු 21, 2020

    ඉන්දීය විවෘත කරාතේ සහ ජික්කොන්දෝ තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් හයක් ගෙන ඒමට පරගොඩ ශ්‍රී ගුණරතන කණිෂ්ඨ විද්‍යාලයේ සිසුදරුවන් සිවුදෙනෙකු සමත්ව ඇත.

     

    ඔවුන්ගේ ක්‍රීඩා හැකියාවන් වඩාත් සංවර්ධනය කරගනිමින් අධ්‍යාපනය හැදෑරීමට ක්‍රීඩා පාසලක් වෙත යොමුවීමට මෙතෙක් අවස්ථාව ලැබී නොතිබිණි.
    එම සිසුදරුවන්ට ක්‍රීඩා කුසලතා දියුණු කරගැනීම සඳහා අවස්ථාව ලබාදීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මහතා සහ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් (20) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී විශේෂ හමුවක් පැවැත්විණි.

    එහි දී එම දරුවන් සිවුදෙනා බටේමුල්ල ජාතික පාසලට යොමු කළ අතර, එහි විදුහල්පති ඒ ඩබ්ලිව් ඩබ්ලිව් කරුණාසිංහ මහතා ද, ගාල්ල දිස්ත්‍රික් ක්‍රීඩා පාසල වන ගාල්ල මහින්ද විද්‍යාලයේ විදුහල්පති ගාමිණී ජයවර්ධන මහතා ද සමඟ සාකච්ඡාකර, දරුවන්ගේ ඉදිරිය සංවර්ධනය කිරීම වෙනුවෙන් වැඩසටහනක් සකස් කරන ලදී.


    මෙහි දී ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ, ඉදිරියේ දී ක්‍රීඩා කුසලතාවන්ට ප්‍රමුඛතාව ලබාදෙමින් ක්‍රීඩා පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමට පියවර ගතයුතු බවයි.
    වයස අවුරුදු 06 සිට අවුරුදු 19 ක් වනතුරු ක්‍රීඩකයෙක් තනන්නට දායක වන්නේ පාසල බවත්, සිසුන්ගේ ක්‍රීඩා හැකියාවන් හඳුනාගනිමින් ඒවා සංවර්ධනය කිරීමේ වගකීම පාසලට පැවරෙන බවත්, විශේෂයෙන් මෙරට ක්‍රීඩා පාසල් සඳහා සිසුන් ඇතුළත් කිරීමේ දී ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නොව පිට්ටනියේ දී සිසුදරුවන් දක්වන දක්ෂතාව කෙරෙහි ප්‍රමුඛතාව ලබාදිය යුතු බවත් මෙහි දී ක්‍රීඩා අමාත්‍යවරයා අවධාරණය කළේය. ඉදිරියේ දී අධ්‍යාපන අමාත්‍යාංශයත් ක්‍රීඩා අමාත්‍යාංශයත් එක්ව, මනා සම්බන්ධීකරණයකින් කටයුතු කිරීමට තමා අපේක්ෂා කරන බව ද මෙහි දී අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය.


    මෙම අවස්ථාව සඳහා ඉන්දීය විවෘත කරාතේ තරගාවලියට සහභාගී ව ජයග්‍රහණ ලබාගත් දෙසිඳු සමරතුංග, හිරුන් ජයවර්ධන, මලිත මධුෂාන්, කේෂර බුද්ධිමාල් යන දරුවන් ද, ඔවුන්ගේ පුහුණුකරු රුවන් නිශ්ශංක මහතා ද එක්ව සිටියහ. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, පාසල් කටයුතු අතිරේක ලේකම් එල් එම් ඩී ධර්මසේන, ජාතික පාසල් අධ්‍යක්ෂ කේ.එල් ජී කිත්සිරි, ක්‍රීඩා අධ්‍යක්ෂ දයා බණ්ඩාර, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා ඉෂානි වෙත්තසිංහ යන මහත්මමහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya