මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ‍පුනරුත්ථාපන මධ්‍යස්ථානය ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කිරීම සඳහා වැඩි දායකත්වයක් ලබා දෙන ලෙස ආරක්ෂක ලේකම් ඉල්ලා සිටී

    අගෝස්තු 21, 2020

     ඉදිවෙමින් පවතින ‘නව දිගන්තය’ පුනරුත්ථාපන මධ්‍යස්ථානයට රු. මිලියන 5 ක පරිත්‍යාගයක්

     

    අත්තනගල්ල රජමහා විහාරයේ විහාරාධිපති පන්නිල ආනන්ද හිමියන් විසින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා දැනට ඉදිවෙමින් පවතින නව ගොඩනැගිල්ල වන ‘නව දිගන්තය’ හි ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීම සඳහා රුපියල් මිලියන පහක ධන පරිත්‍යාගයක් සිදු කරන ලදී.


    ආනන්ද හිමියන් විසින් මෙම චෙක්පත ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා වෙත (අගෝස්තු 20) දින අමාත්‍යාංශ පරිශ්‍රයේදී භාරදෙන ලදී.

    රටේ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් මත ගෙන ඇති ක්‍රියාමාර්ග පැහැදිලි කරමින් ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ නුදුරේදීම නිම කිරීමට නියමිත මෙම නවීන අංග සම්පූර්ණ පුනරුත්ථාපන මධ්‍යස්ථානය මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් දහසකට ආසන්න සංඛ්‍යාවක් පුනරුත්ථාපනය කිරීමට හැකියාවක් ඇති බවය.

    ''ඔවුන් පුළුල් පුනරුත්ථාපන ක්‍රියාවලියකට භාජනය වී සමාජගත කරනු ඇත,''ඔහු තවදුරටත් පැවසීය. මෙම වටිනා කටයුත්ත සඳහා ආනන්ද හිමියන් ගත් කාලෝචිත තීරණය අගය කළ මේජර් ජෙනරාල් ගුණරත්න සියලු දානපතියන්ගෙන් ඉල්ලා සිටියේ මෙම ව්‍යාපෘතිය සමඟ අත්වැල් බැඳ ගන්නා ලෙසය.

    පසුගිය ජුනි 26 වන දිනට යෙදුනු ‘ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය’ හා සමගාමීව නිට්ටඹුවෙහි පිහිටි ජාතික අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ ‘නව දිගන්තය’ පුනරුත්ථාපන ගොඩනැගිල්ලට මුල්ගල් තැබීම මේජර් ජෙනරාල් ගුණරත්න මහතා විසින් සිදුකරන ලදි.

    මෙම අවස්ථාවට ජාතික අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති වෛද්‍ය ලක්නාත් වෙලගෙදර මහතා ද සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya