මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ සේවාවන් රටේ දුෂ්කර පළාත්වලටත් ව්‍යාප්ත කරනවා - රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල

    අගෝස්තු 20, 2020

    ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ සේවාවන් රටේ දුෂ්කර පළාත්වලටත් ව්‍යාප්ත කරන බවත්, ඒ සඳහා අවශ්‍ය වන ප්‍රතිපත්තිමය හා උපාය මාර්ගික කරුණු ඇතුලත් කඩිනම් වාර්තාවක් ලබාදෙන ලෙසත් නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය එම ආයතනයේ නිලධාරීන් හමුවේ ප්‍රකාශ කළාය.

    අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ, (18) දින රත්මලාන පිහිටි ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි.

    විශේෂයෙන්ම එම ආයතනයේ පුහුණුව ලබන සිසුන්ගේ වෘත්තීය පුහුණුව ගුණාත්මක ලෙස ඉහල නැංවීමට අදාල වන ගැටළු පිළිබඳව මෙන්ම ආයතනික ගැටළු පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් අදහස් දැක්වූ අමාත්‍යවරිය මෙබඳු ආයතන දුෂ්කර පළාත්වලටද ව්‍යාප්ත කිරීමේ වැදගත්කමද පෙන්වා දුන්නාය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය මෙසේ ද, ප්‍රකාශ කළාය.

    “නිපුණතා සංවර්ධනට සහ වෘත්තීය පුහුණුවට අදාල පැහැදිලි ඉලක්ක කීපයක් අපට ලබා දී තිබෙනවා. එහි දී වැඩි අවධානයක් මෙම ආයතනයට යොමු වී තිබෙනවා. එම ඉලක්ක අප සපුරාගත යුතුයි. ඒ නිසා රටේ දුෂ්කර ප්‍රදේශ වලටත් මෙම ආයතනය ව්‍යාප්ත කළ කරනවා. විශේෂයෙන් මෙම ආයතනයට ඇති ඉල්ලුම වැඩි කළ යුතුයි. ඒ සඳහා පාසල් අධ්‍යපනයෙන් බැහැර වන නිපුණතාවක් නොමැතිව සමාජගත වන තරුණ පිරිස ආකර්ෂණය කර ගැනීමට අවධානය යොමු කළ යුතුයි.”

    රටේ විවිධ පළාත්වලට ගැළපෙන ආකාරයෙන්, ප්‍රාදේශීය විෂමතාවයන් හඳුනාගනිමින් කටයුතු කළ යුතු ආකාරයත්, ඇතැම් ප්‍රතිපත්තීන් එයට ගැළපෙන ආකාරයෙන් සංශෝධනය කොට ප්‍රායෝගිකව යොදා ගැනීමට ඇති හැකියාවන් පිළිබඳවත් සොයාබලා කඩිනම් වාර්තාවක් තමන්ට ලබාදෙන ලෙසත් අමාත්‍යවරිය අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya