මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    PCR පරික්ෂණ නවීන තාක්ෂණානුකූලව අඩු වියදමකින් සහ අවම කාලයකින් සිදු කිරීමේ නව ක්‍රමවේදයක්

    අගෝස්තු 20, 2020

    PCR පරික්ෂණ නවීන තාක්ෂණානුකූලව අඩු වියදමකින් සහ අවම කාලයකින් සිදු කිරීමේ නව ක්‍රමවේදයක් SLINTEC ආයතනය විසින් සෞඛ්‍ය අමාත්‍යවරියට හඳුන්වා දෙයි.

     රට තුළ සිදු කරනු ලබන PCR පරික්ෂණ නවීන තාක්ෂණානුකූලව අඩු වියදමින් සහ අවම කාලයක් තුළ සිදු කිරිමේ නව ක්‍රමවේදයක් පිළිබද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය දැනුවත් කිරීම අරමුණූ කොට ගෙන නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොළ මහත්මිය සහ එම ක්‍රියාවළිය සදහා තාක්ෂණිය දායකත්වය ලබාදෙනු ලබන ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණික ආයතනයේ (Sri Lanka Institute of Nanotechnology) අධ්‍යක්ෂ ආචාර්ය මංජු ගුණවර්ධන මහතා ඇතුලු පිරිසක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය අමාත්‍යතුමිය මුණගැසී සාකච්ඡා සිදු කරන ලදි.

     

    නවීන තාක්ෂණානුකූලව මෙම නව ක්‍රමවේදය ඔස්සේ PCR පරීක්ෂණයක් සිදු කිරීමේ දී ඒ සදහා දැනට වැය වන වියදම සියයට 50 කින් පමණ අඩු වන බවත් (දැනට PCR පරීක්ෂණයක් සිදු කිරිම සදහා රුපියල් 6000 ක පමණ මුදලක් වැය වේ) එම පරික්ෂණ ප්‍රතිඵල පැය 1 1/2 ක පමණ කාලයක් තුල දී ලබාගැනීමේ හැකියාව පවතින බවත්, ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණික ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය මංජු ගුණවර්ධන මහතා මෙහිදී සෞඛ්‍ය අමාත්‍යතුමිය වෙත පෙන්වා දෙන ලදි.

     

    දැනට PCR පරීක්ෂණ සදහා භාවිතා කරනු ලබන පරීක්ෂණ යන්ත්‍ර ම භාවිතයට ගනිමින් මෙම නව පරීක්ෂණ ක්‍රියාවළිය අවම කාර්ය මණ්ඩලයක් යොදා ගනිමින් සිදු කිරිමට හැකි බවත්, එක් වරක දී පරීක්ෂණ 90 ක් සිදු කළ හැකි බවත් ඒ මහතා පෙන්වා දෙන ලදි. එමෙන්ම මේ සදහා ජාත්‍යන්තර අනුමැතිය ලැබී ඇති බව මෙහිදී පෙන්වා දෙන ලදි. මෙම නවීන ක්‍රමවේදය ඔස්සේ PCR පරීක්ෂණ සිදු කිරීම තුළින් ඉදිරියේ දී ගුවන්තොටුපල විවෘත කිරිමත් සමග මෙරටට පැමිණෙන විශාල ගුවන් මගීන් සංඛ්‍යාවකට PCR පරීක්ෂණ කඩිනමින් සිදු කිරීමේ හැකියාව ලැබෙන බව ද මෙම සාකච්ඡාවේ දී අනාවරණය විය.

     

    මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා ඇතුලු සෞඛ්‍ය බලධාරීන්, වෛද්‍ය පර්යේෂණායතනයේ වෛරස් රෝග විශේෂඥයින් සහ SLINTEC ආයතනය නියෝජනය කරමින් නිලධාරින් පිරිසක් ද සහභාගි විය.

     

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya