මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා හෝ මැතිවරණ නීති කඩකිරීම් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම අවධානයෙන්

    ජූලි 27, 2020

    මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා හෝ මැතිවරණ නීති කඩකිරීම් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින් ඉදිරියේදී වි‍ශේෂ අවධානයකින් යුක්තව සොයා බලන බවත්, ඒ අනුව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවක් හෝ මැතිවරණ නීති කඩකිරීමක් දුටුවහොත් 1933 දුරකථන අංකයෙන් පොලිසියට දැනුම් දෙන ලෙසත් එසේ නොමැති නම් 071- 9160000 යන දුරකතන අංකය යටතේ මැතිවරණ කොමිසම වෙත පැමිණිලි කරන ලෙසත් මැතිවරණ කොමිසමේ දැනුම් දෙයි.

    මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ බව පැවසුවේ අද (27) දින මැතිවරණ කොමිසමේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසුවේ මැතිවරණ ප්‍රඩණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් දැඩි ලෙස කටයුතු කිරීමට පොලිසියට තමන් විසින් දැනුම් දී ඇති බවත්, අවශ්‍ය වුවහොත් මැතිවරණ ප්‍රඩණ්ඩ ක්‍රියා නැවැත්වීමට උපරිම බලය යොදන බවත්ය.

    මෙහිදී අදහස් දක්වමින් සභාපතිවරයා පැවසුවේ එළැඹෙන සතියේ පවතින ආගමික දිනවල ආගමික ස්ථාන යොදාගෙන ඡන්ද ප්‍රචාරණ කටයුතු වළින් වලකින ලෙස මැතිවරණයට ඉදිරිපත් වී ඇති අපේක්ෂකයන්ට දැනුම් දෙන බවයි. ඒ සම්බන්ධයෙන් පක්ෂ ලේකම්වරුන්ගේ හා පක්ෂ සාමාජිකයන්ගේ ප්‍රධානත්වයෙන් පෙර පැවති රැස්වීමේදීද දිගු ලෙස සාකච්ඡා විය. එහිදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් පක්ෂලේකම්වරුන්ගෙන් ඉල්ලා සිටියේ මැතිවරණය වෙනුවෙන් පැවැත්වෙන දේශපාලන වැඩසටහන් ආගමික ස්ථානවල සිදු නොකරන ලෙස සිය අපේක්ෂකයන්ට අවවාද කරන ලෙසයි.

    එමෙන්ම පුත්තලමේදී ඉකුත් දා යතුරු පැදි පෙළපාලියක් එම ප්‍රදේශයේ පොලිස් බල ප්‍රදේශ හතරක් පුරා සැරිසැරීම සම්බන්ධයෙන්ද දීර්ඝ ලෙස සාකච්ඡා වූ අතර ඒ සම්බන්ධයෙන් පක්ෂ ලේකම්වරුන්වද දැනුම්වත් කරනු ලැබීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya