මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශේෂ දුරකථන අංක දෙකක් පොලිස් මූලස්ථානය හඳුන්වා දෙයි

    ජූලි 27, 2020

    නීතිවිරෝධී මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමට විශේෂ දුරකථන අංක දෙකක් පොලිස් මූලස්ථානය විසින් හඳුන්වා දී ඇතැයි අද (27) පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසීය.

    1997 හා 1917 එම දුරකථන අංක දෙක වන අතර පොලිස් මූලස්ථානය විසින් එම අංක දෙක පාලනය කෙරේ.

    මහජන සාමයට බාධාවක් විය හැකි ක්‍රියාකාරකම් මහා පරිමාණ දූෂණ, සංවිධානාත්මක අපරාධ කල්ලිවල දූෂණ හා කප්පම් ගැනීම් වැනි තොරතුරු 1997 යන දුරකකථන අංකය ඔස්සේ රහසිගතව ලබා දිය හැකි අතර 1917 යන අංකය ඔස්සේ අපරාධ කල්ලි සාමාජිකයන් හෝ වෙනත් කූඨ ගණුදෙනුකරුවන්ගේ නීතිවිරෝධී වත්කම් සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමට  හැකියාව පවතී.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya