මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රියදුරු පුහුණු පාසල් විධිමත් නියාමනයකට - උපදේශකවරුන් නිසි පරිදි දැනුම්වත් කිරිමේ වැඩසටහනක්

    ජූලි 27, 2020

    රියදුරු පුහුණු පාසල් විධිමත් ව නියාමනය කොට එහි සේවය කරන උපදේශකවරුන් නිසි පරිදි දැනුම්වත් කිරිමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්මේන්තුව උපදෙස් ලබා දුන් බව ප්‍රවාහන ඇමති මහින්ද අමරවිර මහතා පවසයි.

    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ හම්බන්තොට දී මාර්ග අනතුරු පිළිබඳව පැවැති වැඩසටහනක් අමතමිනි.

    රියදුරු පුහුණුවක් නොමැති රියදුරන්ට වාහන බලපත්‍ර ලබාදීම නිසා මාර්ග අනතුරු ඉහළ යාමට හේතුවී ඇති බව පැවසු ඇමතිවරයා,බොහෝ රියදුරු පාසල් වල උපදේශක වරුන් ලෙස කටයුතු කරන්නේ විශ්‍රාමික රියදුරන් වන අතර ඔවුන් රිය ධාවනයට සුදුසු වුවද උපදේශකවරුන් ලෙසින් නුසුදුසු බව කීය.මේ හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දේපාර්තමේන්තුවේ සිටින විමර්ශන කණ්ඩායම් යොදවා දිවයිනේ පිහිටි සියලුම රියදුරු පුහුණු පාසැල්වල කටයුතු අධික්ෂණය කිරීමේ පුලුල් ජාතික වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්නට තමා බලාපොරාත්තු වන බවද ඇමතිවරයා සඳහන් කළේය.

    මේ වන විට දිවයින පුරා රියදුරු පුහුණු පාසල් 538 කට ආසන්න ප්‍රමාණයක් ඇති අතර ඒවායේ කිසිදු ආකාරයකින් නියාමනය නොවේ. අප රටේ බොහෝ මාර්ග අනතුරු සිදුවන්නේ රියදුරන්ගේ නොසැළකිල්ල නිසායි. රියදුරෙකුට හොඳ ඉවසිලිමත්භාවයක් තිබිය යුතුයි. ලංකාවේ ප්‍රථම වතාවට ගුවන් පාලමක් මත සිදු වු වාහන අනතුර පසුගිය සතියේ සිදුවිය. ගුවන් පාලමක් මත දී වාහන ඉස්සර කිරීම තහනම් නමුත් මෙම හදිසි අනතුර සිදු කළ රියදුරා මාර්ග නීති කිසිවක් ගණන් නොගෙන රිය පැදවීමෙන්. අවසානයේ දී තරුණ රණවිරුවෙකුගේ ජීවිතය අහිමි වු බව ද ඇමති මහින්ද අමරවිම මහතා කීය

    මේ හේතුවෙන් අප රටේ මාර්ග අනතුරු අවම කර ගැනීම සඳහා විශේෂ වැඩ පිළිවෙලක් ආරම්භ කිරිමට ද පියවර ගන්නා බවත්,එමෙන් ම උපදේශකවරුන් පුහුණු කිරිමේ වැඩපිළිවෙළක් ද ආරම්භ කිරීමට කටයුතු කරන බවත්ය.

    රියදුරු බලපත්‍රයට ලකුණු ලබා දිමේ ක්‍රමය ද යළි ආරම්භ කරන බව පැවසු ඇමතිවරයා,ලකුණු 24 සිට 0 දක්වා රියදුරු වැරදිවලට ලකුණු ලබා දෙන බවත්,එහා ලකුණු ප්‍රමාණය 0 වු විට දී බලපත්‍රය අහෝසි වන බවත් පැවසිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya