මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හිස සහ ගෙල ආශ්‍රිත ලෝක පිළිකා දිනය අදයි-මුඛ පිළිකාව නොපමාව හදුනාගෙන පසුනොතැවී ජීවත් වෙමු

    ජූලි 27, 2020

    මෙවර  හිස සහ ගෙල ආශ්‍රිත ලෝක පිළිකා දිනය 2020 ජූලි 27 වන දිනට යෙදී ඇත.

     

    මුඛ පිළිකාව කළින් හදුනාගනිමින් නොපමාව ප්‍රතිකාර කරා යොමුවී ජීවිතය රැකගත හැකි බව මෙන්ම මුඛ පිළිකාව සම්බන්ධයෙන් වැදගත් කරුණු රැසක් පැහැදිලි කරමින් අද (27) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී විශේෂඥ වෛද්‍යවරුන් රැසකගෙන් සමන්විත ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්විණි.

    එහිදී විද්වත් කමිටුව නියෝජනය කරමින් ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය, විශේෂඥ ප්‍රජා දන්ත වෛද්‍ය උදය උස්ගොඩ ආරච්චි මහතා, විශේෂඥ වෛද්‍ය පද්මා ද සිල්වා මහත්මිය, විශේෂඥ වෛද්‍ය ජාලිය ජයසේකර මහතා සහ විශේෂඥ වෛද්‍ය රසිකා දිසානායක මහත්මිය ප්‍රවෘත්ති සාකච්ඡාව මෙහෙයවන ලදී. එහිදී මුඛ පිළිකාව පිළිබද මනා වැටහීමක් ලබාගැනීමට හැකි වන කරුණු රැසක් සාකච්ඡා විය.

    ශ්‍රී ලංකාවේ පිළිකා අතර දෙවන ස්ථානය ගන්නේ මුඛ පිළිකාවයි. එමෙන්ම මෙය ශ්‍රී ලංකාවේ පිරිමින් අතර බහුලතම පිළිකාව වනවා සේම, කාන්තා පාර්ශවය අතර බහුලව දක්නට ලැබෙන පිළිකා 10 අතරටද ඇතුළත් වෙයි.

    සෑම දිනකම මුඛ පිළිකා රෝගීන් 6 දෙනෙක් පමණ හදුනා ගැනේ. පිරිමින්ගේ පිළිකා අතර දෙවන ඉහළම මරණ අනුපාතය ඇති පිළිකාව මෙයයි. ඉන් දිනකට මරණ 03ක් පමණ සිදුවෙයි. වර්තමානයේ හමුවන පිළිකා වලින් 70%ක් පමණ කල්ගතවී හදුනාගන්නා එනම්, තුන්වන හා හතරවන අවධියේ පිළිකා වන බැවින් සුව වීමට ඇති ඉඩ ප්‍රස්ථාවද සීමා සහිත වෙයි.

    මුඛ පිළිකා සදහා ප්‍රධාන වශයෙන් හේතු වන්නේ බුලත් විට සැපීම, දුම්කොළ / පුවක් ආශ්‍රිත නිෂ්පාදන භාවිතය, දුම්පානය සහ මත් වතුර භාවිතයයි. බොහෝ මුඛ පිළිකා ඇතිවීමට පෙර මුඛ කුහරය තුළ පූර්ව මුඛ පිළිකා තත්ත්වයන් හටගනී. පූර්ව මුඛ පිළිකා තත්ත්වයන් මෙන්ම මූලික අවධියේ මුඛ පිළිකාද, ස්වයං මුඛ පරීක්ෂාවකින් හෝ සායනික මුඛ පරීක්ෂාවකින් හදුනාගැනීමේ හැකියාවක් පවතී.

    එමෙන්ම අවදානම් පුරුදු වල නිරත වන අයෙකු මසකට වරක් ස්වයං මුඛ පරීක්ෂාවක් හා මාස 06කට වරක් සායනික මුඛ පරීක්ෂාවක්ද සිදුකරගත යුතුය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya