මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදුලි බලය නොමැති පවුල් සඳහා නොමිලේ සුර්ය බල විදුලි කට්ටල ලබා දීමේ වැඩපිළිවෙලක්

    ජූලි 27, 2020

    විදුලි බලය නොමැති පවුල් සඳහා නොමිලේ සුර්ය බල විදුලි කට්ටල ලබා දීමේ වැඩපිළිවෙල රජය ක්‍රියාත්මක කරන බව විදුලිබල ශක්ති හා ප්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවිර මහතා පවසයි.

    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ,හම්බන්තොට දිස්ත්‍රික්කයේ කහඳමෝදර නවගම්මානයට විදුලිය සැපයීමෙන් අනතුරුව අදහස් පළ කරමිනි

    මේ වන විට විදුලි බලය නොමැති පවුල් මේ රටේ 12500ක් සිටින අතර විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය සියයට සියයක් අවසන් කර ඇතත්,එම නිවාස විදුලිය ලබා දිමට සුදුසු තත්ත්වයක නොමැති බවයි ඇමතිවරයා සඳහන් කලේ.එහෙයින් හම නිවාස වලට සුර්ය බල ශක්තිය මඟින් විදුලිය ලබා දිමහට තමාට ජනාධිපතිවරයා අපදෙස් දුන් බවත්,ඉන්දියානු ණය ව්‍යාපාතිය යටතේ එය දැනටමත් අවශය පියවර ක්‍රියාත්මක වන බවත් මැරතිවරණයෙන් පසුව එහි වැඩකටයුතු ආරම්භ කිරිමට කටයුතු කරන බවත්,විදුලිබල ඇමති මහින්ද අමරවිර මහතා කීය.

    අපේ රටේ සමෘද්ධි ප්‍රතිලාභී පවුල් ලක්ෂ 18ක් පමණ සිටිනවා. මේ සියලු දෙනාම අඩු ආදායම්ලාභී පවුල් . මේ අයගෙන් බොහෝ දෙනෙක් විදුලිබලය ලබා ගෙන තිබුනත් ඒ් අයට මාසිකව විදුලි බිල්පත් ගෙවන්න තරම් ආදායමක් නෑ. මේ නිසා අපි රජය විදියට තීරණයක් ගෙන තිබෙනවා මේ සියලු දෙනාටම සූර්ය විදුලිබල කට්ටල ලබා දෙන්න. ඒ්වා සියල්ලම අපි ලබා දෙන්නේ නොමිලේ. ඊට පස්සේ ඒ් පවුල්වලට විදුලිය බිල් ගෙවන්න මුදල් වැය කරන්න වෙන්නේ නැහැ. ඒ් වගේම මෙම සූර්ය බල පද්ධතිවලින් නිපදවන අමතර විදුලිබලය ලංකා විදුලිබල මණ්ඩලය විසින් මිල දි ගැනීමේ වැඩ පිලිවෙලකුත් අපි ආරම්භ කරනවා.

    මෙම ගමේ බොහෝ දෙනෙක් විදුලි බලය නොමැතිව කටයුතු කළ පිරිසක්. දරුවන්ට අධ්‍යාපනික කටයුතු සඳහා විදුලිබලය නොමැතිවීම විශාල ගැටළුවක් ව තිබුනා. නමුත් දැන් අද ඉඳන් ඒ් අයට විදුලිය ලබා දී තිබෙනවා.

    ලංකා විදුලි බල මණ්ඩලය දැනට පාඩු පිට පවත්වාගෙන යන ආයතනයක්. හේතුව තමයි පසුගිය වසර පහක කාලය තුළ අඩුම තරමින් විදුලිය ඒ්කකයකින්වත් ජාතික විදුලි පද්ධතියට එක් කිරීමේ වැඩ පිලිවෙළක් ආරම්භ නොකිරීම. ඒ නිසා ජාතික අවශ්‍යතාවයෙන් වැඩි ප්‍රමාණයක් පුද්ගලික අංශයෙන් හදිසි මිල දී ගැනිම් යටතේ මිල දී ගන්න ලංකා විදුලි බල මණ්ඩලයට සිදු වුනා.

    නමුත් ජනාධිපතිතුමා මට උපදෙස් දී තිබෙනවා දැනට හඳුනාගෙන ඇති විදුලි ව්‍යාපෘති වහාම ආරම්භ කරන ලෙසට. මම දන්නවා දැනට අප ගෙන යන වැඩ පිලිවෙල අනුව 2023 වනවිට රටේ විදුලි අවශ්‍යතාවයෙන් සියයට සියයක්ම ලංකා විදුලි බල මණ්ඩලය යටතේ නිපදවීමට හැකියාව ලැබෙනවා. ඒ අනුව 2023 වර්ෂය මේ රටේ විදුලි බල අංශයේ ස්වර්ණමය වර්ෂය බවට පත් කිරිමිට මම මේ වනවිටත් අවහ්‍ය පියවර ගෙන තිබෙනවා යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    මෙම අවස්ථාවට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පීරිසක් සහභාගි වී සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya