අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැතිවරණ සාමය තුළ මානසික රෝග අත්විදින පුද්ගලයින් පිඩාවට පත්වන ආකාරයෙන් කටයුතු කිරීමේ වළකින්න

    ජූලි 24, 2020

    මැතිවරණ සාමය තුළ මානසික රෝග අත්විදින පුද්ගලයින් පිඩාවට පත්වීම වැළක්වීමට කටයුතු කරන ලෙස සියලු මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති සියලුම දේශපාලන පක්ෂ නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටී.

    ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉන් පසුව පැවැත්වෙන ඡන්ද විමසීම් වල දී මෙන්ම අන් අවස්ථාවල දී ද මානසික රෝග අත්විඳින පුද්ගලයින් ව පිඩාවට වන ආකාරයේ ක්‍රියාවන් වැළක්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් (22)දිනයේ දී සියලුම දේශපාලන පක්ෂ ලේකම් වරුන් හා නිත්‍ය නියෝජිතයින් වෙත ලිඛිත ව දැනුම් දීමට පියවර ගෙන තිබේ.

    මේ සම්බන්ධව ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය සේවා ලාභීන්ගේ ක්‍රියාකාරී ජාලයේ මෙහෙයුම් අධ්‍යක්ෂ සුනිල් කිර්ති නානායක්කාර මහතා විසින් කරන ලද ලිඛිත ඉල්ලීමකට අනුව මහින්ද දේශප්‍රිය මහතා විසින් මෙම තීරණය ගෙන තිබේ.

    ඒ අනුව, මැතිවරණ වේදිකාවල සහ මැතිවරණයට අදාළ වෙනත් ප්‍රකාශ වල මනෝ සමාජීය අබාධ සහ මනෝ සමාජීය අබාධ අත්විදින පුද්ගලයින් හා සම්බන්ධ විවිධ අපහාසාත්මක වචන භාවිතා කිරීම, මනෝ සමාජීය අබාධ සහිත පුද්ගලයින් මැතිවරණ ප්‍රචාරණ කටයුතු වල දී සහ ඒ ආශ්‍රිත කාර්යයන් වල දී සේවයේ යොදවා ගැනීම මෙන්ම මැතිවරණ ව්‍යාපාරය තුළ මත්පැන් සහ මත්ද්‍රව්‍ය බෙදා හැරීම යනා දී කරුණු කෙරෙහි වඩාත් අවධානය යොමු කෙරෙන අතර ඒ සම්බන්ධව අදාළ පක්ෂ වල සාමාජිකයින් සහ ක්‍රියාකාරීන් දැනුම්වත් කිරීමට ද කටයුතු කරන ලෙස ද සභාපතිවරයා විසින් එමඟින් ඉල්ලා සිටී.

    එමෙන්ම, එකී ලිපියේ සඳහන් උපදස් හා ඉල්ලීම් වලට එරෙහිව සිදුවන කටයුතු පිළිබඳව ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් නොපමාව වාර්තා කිරීම හා එවැනි කටයුතු වළක්වාලීමට අවශ්‍ය පියවර ගැනීම පිණිස ද සියලුම තේරීම්භාර නිළධාරීන් දැනුවත් කිරීමට ද පියවර ගෙන තිබේ.

    manasika

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya