මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩිජිටල් වේදිකාව හරහා වසර 2023 වනවිට දිවයින පුරා රෝහල් සවිබල ගැන්වීමට පියවර

    ජූලි 24, 2020

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය යටතේ වසර 2023 වනවිට දිවයින පුරා රෝහල් 750 ක් සවිබල ගැන්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය බලාපොරොත්තු වෙයි.

    මේ වන විටත් ව්‍යාපෘතිය යටතේ රෝහල් 173 ක් සවිබල ගැන්වීම අරඹා ඇත. මෙම සියලු රෝහල් සහ ව්‍යාපෘති කාර්යාලය වෙබ් අඩවියක් මගින් සම්බන්ධීකරණය කරමින් දිනපතාම එම රෝහල් වල සිදුවන සේවා  ජාතික මට්ටමින් අගැයීමට ලක්කිරීම මෙහිදී සිදුවේ.


    අදාල රෝහල් වලින් ලබාදෙන නිර්මාණශීලී , මහජන මිත්‍රශීලී සේවා පිළිබදව අනෙකුත් ආයතන දැනුවත් වීමත් මහජනතාවට ක්‍රියාවලියට සක්‍රීයව දායක  වීමට හැකි ඉඩකඩ වැඩි කිරීමත්  මෙම ඩිජිටල් වේදිකාවේ තවත් අරමුණකි.

    දිනපතා සියලුම අදාළ රෝහල් පද්ධතියේ නියෝජිතයින්ට සිය සේවා ලබාදීම සම්බන්ධ වාර්තා ,හඩපට සහ වීඩියෝ දර්ශන මේ ඩිජිටල් වේදිකාවේ ප්‍රසිද්ධ කළ හැකිය.රෝහල විසින් යෝජනා කරන ලද සැපයීමට එකඟවූ සේවා නිසි කාල රාමුව තුළ ලබා දෙන්නේ දැයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘති කාර්‍යාලය විසින් මෙම වෙබ් අඩවිය මත පදනම් වූ ඩිජිටල් වේදිකාව හරහා නියාමනය කරන අතර ඉලක්ක සම්පූර්ණ කිරීමේ ගැටලු පවතින්නේ නම් ස්වංක්‍රීයව කෙටි පණිවුඩ හා  ඊ මේල් ඔස්සේ අදාළ නිලධාරීන්ට ක්ෂණිකව දැන්වීමේ ක්‍රම වේදයක්ද මේ යටතේ ක්‍රියාත්මක වේ.


    එක් එක් රෝහල්  සේවා සපයන ග්‍රාම නිලධාරී කොට්ටසය තුළ ජීවත්වන මහජනතාවට සිය රෝහලේ කටයුතු පිළිබදව අදහස් දැක්වීමටද මෙම ප්ද්ධතිය ඔස්සේ ඉඩකඩ   ලබාදෙන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි.

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya