මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැතිවරණ කටයුත්තේදී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහාය ලබාගන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් සාක්ච්ඡාවක්

    ජූලි 24, 2020

    ඡන්දය පැවැත්වීමේදී සෞඛ්‍ය ක්‍රියාමාර්ග බලාත්මක කරමින් ඡන්ද මධ්‍යස්ථානවල කොරෝනා ව්‍යාප්තිය සිදු නොවන ආකාරයෙන් ඡන්දය පවත්වන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සාකච්ඡාවක් දින(23) දින මැතිවරණ කොමිසන් සභා කාර්යාලයේදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    මැතිවරණ කටයුත්තේදී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහාය ලබාගන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් සාක්ච්ඡා කෙරුණ අතර එයට මැතිවරණ කොමිසමේ සභාපති හා නිලධාරීන්, සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා මෙන්ම දිවයිනේ සියලු පළාත් ආවරණය වන පරිදි පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරුන්, ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරුන් මෙයට සහභාගී විය.

    සෞඛ්‍ය මාර්ගෝපදේශන අනුව මැතිවරණ කටයුත්ත මගින් වසංගතය ව්‍යාප්ත වීම වැළැක්වීම එනම් මැතිවරණය තුළින් කොරෝනා රෝගය පැතිර නොයන බව ජනතාවට තහවුරු කිරීම සඳහා සෞඛ්‍ය සේවා නිලධාරීන් ඡන්ද මධ්‍යස්ථාන අවට ජංගම රාජකාරි කටයුතු සිදු කිරීම සහ සම්පූර්ණයෙන්ම අධීක්ෂණ කටයුතු සිදු කිරීම සිදු කරන්නෙ කෙසේද යන්න එහිදී වැඩිදුරටත් සාකච්ඡා විය.

    මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා;
    '' මෙම ක්‍රියාවලිය සිදු කරද්දී සැමවිටම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට සූදානම් අතර ඒ වෙනුවෙන් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා මැතිවරණ කොමිසම සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට නියමිතයි. එමෙන්ම පළාත්වලින් පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන් හා දිස්ත්‍රික් වල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් මේ සම්බන්ධයෙන් ප්‍රධානත්වය ගෙන කටයුතු කිරීමට නියමිතයි. ''; යනුවෙන් පැවසීය.

    සමහර ඡන්දපොළවලදී ස්ථීරවම සෞඛ්‍ය කටයුතු අධීක්ෂණය සඳහා නිලධාරියෙක් යෙදවීමට හැකියාව තිබුණද නුවරඑළිය වැනි ඡන්දපොළවල එම හැකියාව නැති බවත් ඒ වෙනුවන් ඡන්දපොළවලට ජංගම සෞඛ්‍ය නිලධාරීන් යෙදවීමට කටයුතු කරනු ඇති බවත්, ඔවුන් යතුරුපැදි හා වෙනත් රථවාහන හරහා ජංගම ලෙස ඡන්දපොළ නිරීක්ෂණය කරනු ඇත බවත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසීය.

    මෙම කාර්යයට පවුල් සෞඛ්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුලු සෞඛ්‍ය ස්ෂේත්‍රයේ නිලධාරීන් සහභාගිවනු ඇති බවත් ඔවුන් නිරීක්ෂණ කටයුතු කරමින් ආවරණය කරනු ඇති බවත් දේශප්‍රිය මහතා පැවසීය.
    මෙහිදී පවුල් ජ්‍යේෂ්ඨ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඡන්දපොළ කිහිපයක් නිරීක්ෂණය කිරීමට නියමිත බවත්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කොට්ඨාසයක සෞඛ්‍ය කටයුතු අධීක්ෂණය කරනු ඇති බවත්, සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
    සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි සිදු කෙරේද යන්න නිරීක්ෂණය සඳහා වෛද්‍යවරුන්, මහජන සෞඛ්‍ය පරීක්ෂණවරුන් ජ්‍යේෂ්ඨ පවුල් සෞඛ්‍ය නිලධාරීන් හා ජ්‍යේෂ්ඨ හෙද නිලධාරීන් සමඟ කටයුතු කරනු ඇතිබවද ඔවුන්ට ඡන්ද පොළ කිහිපයක වගකීම පවරා ඇති බවද දේශප්‍රිය මහතා පැවසීය.

    මේ සම්බන්ධයෙන් සියලු වගකීම් නිසි පරිදි ඉටු කිරීමට සියලු සෞඛ්‍ය අධ්‍යක්ෂකවරුන් සහතික වූ අතර ඒ සම්බන්ධයෙන් සිය ස්තුතිය පිරිනමන බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසීය.

    මේ අතර පළාත් පාලන කොමසාරිස්වරුන්ද මැතිවරණ කොමිසම විසින් කැඳවා තිබූ අතර ඡන්ද පොළවල් විශබීජ හරණය කරන්නේ කෙසේද යන්න ඔවුන් සමඟ සාකච්ඡා කරනු ලැබිය. ඒ අනුව ප්‍රාදේශීය ලේකම්වරයා සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් කොවිඩ් පාලනය සඳහා ඒකාබද්ධ කමිටුවක් ලෙස ක්‍රියාත්මක වනු ඇති බව එහිදී අදහස් දැක්වූ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

    දීර්ඝ කලක් වසා තිබූ ඡන්දපොළ විශබීජ හරණය කිරීමට බැලූ බැල්මට ප්‍රයෝජනවත් නොවන බව සිතුනද ඡන්ද දායකයාගේත් මැතිවරණ රාජකාරි සඳහා යන රජයේ නිලධාරීන්ගේත් ආරක්ෂාව හා ඔවුන්ට එහි නොබියව යෑම සඳහා විශබීජ නාශක දියර ඉසීමෙන් විශබීජ හරණය සිදු කිරීමට කටයුතු කරන බවද වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිවරණකොමිසමේ සභාපතිවරයා පැවසීය.

    මෙම විශබීජ හරණය සිදු කිරීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන්ගේ අධීක්ෂණයෙන් සිදු කෙරෙනු ඇති බවත් එහිදී පළාත් පාලන කොමසාරිස්වරුන් එහි ප්‍රධානත්වය ගෙන කටයුතු සිදු කිරීමට නියමිත බවත් මෙම විශබීජ හරණයට අදාළ තාක්ෂණීක උපදෙස් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරුන්ගෙන් ලබාගනු ඇති බවත් දේශප්‍රිය මහතා පැවසීය.
    වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පැවසුවේ දිස්ත්‍රික් මූලස්ථානවලදී දිස්ත්‍රික් ලේකම්වරයා සමඟ නියෝජ්‍ය හෝ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් සමඟ සහයෝගයෙන් අධීක්ෂණ කටයුතු සිදු කෙරෙනු ඇති බවයි.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya