මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදුලි බිලෙන් මධ්‍ය පාන්තිකයන්ට සහනයක් නොලැබෙන බවට කරන චෝදනා ප්‍රතික්ෂේප කරනවා- අමාත්‍ය මහින්ද අමරවීර

    ජූලි 23, 2020

    විදුලි බිලෙන් මධ්‍ය පාන්තිකයන්ට සහනයක් නොලැබෙන බවට කරන චෝදනා තමා ප්‍රතික්ෂේප කරන බව විදුලි බල ඇමති මහින්ද අමරවිර මහතා පවසයි.

    අමාත්‍යවරයා ඊයේ (22) පැවැති මාධ්‍ය හමුවේ දී මේ බව සඳහන් කළේ ය.

    විදුලි බිලේ වාසිය මධ්‍යම පාන්තිකයන්ට හා ඉහළ ආදායම් ලබන ලබන ජනතාවට ලැබුණු බවත්,පෙබරවාරි මාසයේ බිල හෝ ඊට අඩුවෙන් ලැබුණු බිල් පත් ගෙවිම් සිදු කර හැකි බව ද
    ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    මේ වන විට මිලියන 3000ක පමණ විදුලි බල අමාත්‍යාශය පාඩු වක් ලබන මුත්, ඉන් ජනතාවට කිසිදු අසිධාරණයක් සිදු නොවන බවද කීය. එසේම කිසිදු වටක ගෙවිම් සිදු විම ප්‍රමාද වීම්වලට විදුලිය කප්පාදුවක් සිදු නොකරන බවද ඇමතිවරයා වැඩිදුර සඳහන් කළේය.

    එසේම මේ වන විට සුළං මඟින් විදුලිය නිපදවිය හැකි හා බලාගාර හා සුර්ය බලාගාර කිහිපයක් ඉදි කිරීමටත්, ලබන වසරේ ජනවාරි වන විට උමා ඔයත්,වුඩ්ලන්ඩ්වුඩ් විදුලි  බලාගාරයත්, LNG බලාගාරයක් ආරම්භ කිරිමටත් පියවර ගෙන ඇති අතර LNG විදුලි බලාගාරය 2023 වන විට අවසන් විමට කටයුතු කරන බවත් පැවසිය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya