මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නීති විරෝධීව වන සතුන් දඩයම් කිරීම සම්බන්ධව වහාම පරීක්ෂණයක් පවත්වන්නැයි අගමැතිගෙන් නියෝග

    ජූලි 22, 2020

    දුර්ලභ ගණයේ සතුන් අරක්ෂා කර ගැනීම රජයක වගකීමක් හෙයින් මෙලෙස නීති විරෝධී ලෙස වන සතුන් දඩයම් කිරීම පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ (21) වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී. සූරියබණ්ඩාර මහතාට උපදෙස් දී තිබේ.

    මෙරට ජීවත්වන දුර්ලභ ගණයේ වන සතුන් මිනිස් ක්‍රියාකාරකම් නිසා ඝාතනය වන සිද්ධි පසුගිය සමයේ දිගින් දිගටම වාර්තා වීමත් එහි දිගුවක් ලෙස ඉතාම දුර්ලභ ගණයේ කළු කොටියෙක් මෙරටට අහිමි වීමත් සිදු විය.

    එමෙන්ම, පසුගිය දා නාවලපිටිය මාපකන්ද ප්‍රදේශයේ දී පැන්තරා පාදුස් වර්ගයේ අවුරුදු 07ක පමණ තවත් කොටියෙක් මද්දකට හසුව මිය ගිය බව අනාවරණය විය.

    ඒ අනුව, දිනෙන් දින මෙරට වන සත්ත්වයින් නිතිවිරෝධීව දඩයම් කිරීම පිළිබඳව වනජීවී දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර නිලධාරීන් දැනුම්වත් කරන ලෙසත්, වන සතුන්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, සතුන් දඩයම් කරන අයට එරෙහි ව නීතිය අකුරටම ක්‍රියාත්මක කරන ලෙසත් අග්‍රාමාත්‍යවරයා විසින් මෙසේ නියෝග දී තිබේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya