මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඡන්දය පැවැත්වීමට අදාළව අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු පූර්ව සූදානම් කටයුතු සාර්ථකයි- දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී

    ජූලි 22, 2020

    ඡන්දය පැවැත්වීමට අදාළව අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු පූර්ව සූදානම් කටයුතු සාර්ථක බවත් මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම (21) සවස 4.00 න් අවසන් වීමත් අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය සලකුණු කිරිම සියයට 95%ක පමණ ප්‍රතිශතයක් වනු ඇතැයි  අනුරාධපුර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී නීතීඥ ආර්.එම්. වන්නිනායක මහතා පැවැසී ය.

    මෙවර මහ මැතිවරණය සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් 56,458 දෙනෙකු සුදුසුකම් ලබා තිබුණි. තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම පසුගිය 13 වනදා සිට 17 වනදා දක්වා ක්‍රියාත්මක විය. එම දිනවල දී යම් හෙයකින් තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූ පිරිස් සඳහා සිය තැපැල් ඡන්දය සලකුණු කිිරීමට අවස්ථාව සලසා දී තිබුණේ ,  (20) හා (21) යන දින දෙකේ දී ය. ඒ අනුරධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී යි. මුලින් වෙන්කරන ලද 13 වනදා සිට 17 වනදා දක්වා දින වලදී ඡන්දය භාවිත නොකල 2140 දෙනෙකුගෙන් 884 දෙනෙකු 20 සහ 21 දිනයේ දී අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණ තැපැල් ඡන්දය භාවිතකර තිබේ. ඒ 1256 දෙනෙකු තැපැල් ඡන්දය භාවිත කිරිමට පැමිණ නැත.

    කොවිඩ් තත්ත්වය පාලනය කිරිම උදෙසා ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් රාජංගනය ප්‍රදේශයේ තැපැල් ඡන්දය පැත්විම එළඹෙන 28 වනදා දක්වා කල් දමා තිබේ. අනුරාධපුර දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරීවරයා පැවැසුවේ රාජාංගනය ප්‍රදේශයේ 370 ක පමණ පිරිසක් තැපැල් ඡන්ද භාවිතය සඳහා සුදුසුකම් ලබා සිටින බවයි.

    මේ අතර අනුරාධපුර දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි නිරීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ පසුගිය මාර්තු මාසයේ මුල සිට මේ දක්වා මැතිවරණ නීති උල්ලඝනය කිරීම් පිලිබඳව පැමිණිලි 132 ක් ලැබී ඇති බවයි.

    එම නීති උල්ලංඝනය කිරීම් වැඩි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ නීති විරෝධී පෝස්ටර්, බැනර්, කටවුට්,ප්‍රදර්ශනය කිරීම හා අත් පත්‍රිකා බෙදා හැරීම පිළිබඳවයි. 2020 ජූලි 20
    දිනට එම පැමිණිලි සංඛ්‍යාව 69ක්. අනුරාධපුර දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ ඒකකය ඇරඹූ මාර්තු 02 වන දා සිට මේ දක්වා මැතිවරණයට අදාලව කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වී නැත.

    මේ අතර ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අදාල පොලිස් ස්ථාන වෙත එම පැමිණිලි යොමු කර තිබේ. එලෙස ලැබුණු මුළු පැමිණිලි සංඛ්‍යාව වන 132න් පැමිණිලි 115ක්ම පොලිස් ස්ථාන වෙත යොමු කර ඇත. මේ වන විට එලෙස වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් වැඩි දුර විමර්ශන සදහා යොමු කර ඇත්තේ අනුරාධපුර පොලීසිය වෙතයි. එම පැමිණිලි සංඛ්‍යාව 44කි.

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද දායකයින් සංඛ්‍යාව 693,634 ක් වන අතර ඒ 2019 ඡන්ද හිමි නාමලේඛනයට අනුවයි. එය පසුගිය ඡනාධිපතිවරණයට වඩා ඡන්ද 11,184 ක වැඩිවීමකි. ඡන්දය පැවැත්වීමට අදාලව අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු පූර්ව සූදානම් කටයුතු සාර්ථකව සිදුවන බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී නීතීඥ ආර්.එම්. වන්නිනායක මහතා පැවසීය.

     දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය- අනුරාධපුර

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya