අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “රටක් වටින පොතක්” ලිවීමේ ජාතික වැඩසටහනට නිර්මාණ භාර ගැනීම ජූලි මස 10 තෙක් දීර්ඝ කරයි

    ජූනි 25, 2020

    කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් නිවෙස්වල රැඳී සිටින දරුවන්ගේ නිර්මාණ හැකියාව දියුණු කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ලද “රටක් වටින පොතක් ” ලිවීමේ ජාතික වැඩසටහනට අදාළ සියලුම සිසු නිර්මාණ 2020 ජුනි මස 30 දිනට පෙර පාසල් වෙත භාර දීමට නියමිතව තිබුණි. එහෙත් පාසල් ආරම්භ කිරීම 2020 ජූලි 06 වැනි දින සිට අදියර කිහිපයකින් සිදුකරන බැවින් එම නිර්මාණ භාර ගැනීමේ අවසාන දිනය 2020 ජූලි 10 වන දින දක්වා දීර්ඝ කර ඇත.

    ඒ අනුව, 2020 ජූලි 10 දින වන විට එම නිර්මාණ විදුහල්පතිවරුන් විසින් කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත භාර දිය යුතු වන අතර, සිසුන් විසින් 2020 ජූලි 08 දිනට පෙර තම නිර්මාණ පාසල් වෙත භාර දිය යුතු වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya