මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රතිකාර සේවාවන් සිදු කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා අවශ්‍ය සියළු පහසුකම් ලබාදීමට උපදෙස්

    ජූනි 10, 2020

    කොවිඩ් -19 ආසාදිත රෝගීන්ට ප්‍රණීත ආහාර වේලක් ලබාදීමටත්, ප්‍රතිකාර සේවාවන් සිදු කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා අවශ්‍ය සියළු පහසුකම් ලබාදීමටත්, සුව ඇමැතිය නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.


    කොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර සේවාවන් සපයනු ලබන රෝහල්වල අධ්‍යක්ෂවරුන් සමග විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් (09) දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි.

    මෙහිදී රෝහල් අධ්‍යක්ෂවරුන් හා වෛද්‍යවරුන් විසින් කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර සේවාවන් සිදු කිරීමේ දී රෝගීන්ට සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට මුහුණදීමට සිදු වන ගැටළු පිළිබදව සෞඛ්‍ය අමාත්‍යතුමිය දැනුවත් කරන ලදි. මෙම ගැටළු පිළිබදව අවධානය යොමු කරමින් ඒ සදහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා වෙත උපදෙස් ලබාදෙන ලදි.

    පැවැති සාකච්ඡාවෙන් පසු අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යතුමිය - “මේ වන විට කොවිඩ් -19 රෝගීන්ට ප්‍රතිකාර කිරිම සදහා රෝහල් 10 ක් තෝරාගෙන තිබෙනවා. යම්කිසි පුද්ගලයෙක් කොවිඩ්-19 වෛරසය ආසාදිතයෙකු බවට නිශ්චිතව තහවුරු වූ පසු මෙම රෝහල් 10 තුලින් එකකට ප්‍රතිකාර සේවාවන් සදහා ඇතුළත් කරනවා. එම රෝගියෙකුට දින 14 හෝ දින 28 යනතුරු රෝහලේ රැදී සිටීමට සිදු වෙනවා. එම කාලය තුල වෙනත් රෝගීන්ට මෙන් තමන්ගේ නිවසින් හෝ පිටතින් ගෙනෙන ආහාර ඇතුලු කිසිම දෙයක් ඔවුන්ට ලබාදීම සුදුසු නැහැ. එම නිසා එම කටයුත්ත සිදු වෙන්නේ නැහැ. එබැවින් ඔවුන්ට ප්‍රණීත කෑම
    වේලක් සහ අනෙකුත් පහසුකම් ලබාදිම අපේ වගකීමක්. පසුගිය කාලය තුල මෙම ප්‍රතිකාර සේවාවන් සිදු කරන රෝහල් වලට නොයෙක් ප්‍රදානයන් ලැබුනා.”

    “කොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර සේවාවන් සපයන් රෝහල්වල රෝහල් අධ්‍යක්ෂවරුන් ඇතුලු පිරිස් සමග රෝගීන්ට සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට තිබෙන තිබෙන ප්‍රශ්ණ මොනවාද කියලා (09) දින සාකච්ඡා කළා. ඒ අනුව සෞඛ්‍ය ලේකම්තුමාට මා උදෙස් ලබාදුන්නා කොව්ඩි 19 ආසාදිතව ප්‍රතිකාර ලබන රෝගීන්ට ප්‍රණීත ආහාර වේලක් ලබාදීමට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාදෙන ලෙස. තම ජිවිත අවධානම ද නොතකා රෝගීන් සමීපයට ගොස් ප්‍රතිකාර සිදුකළ වෛද්‍ය, හෙද ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට අවශ්‍ය සියළු පහසුකම් ලබාදෙන ලෙසත් සෞඛ්‍ය ලේකම් තුමාට උපදෙස් දුන්නා.”

    “එමෙන්ම අතිගරු ජනාධිපතිතුමා උපදෙස් ලබාදුන්නා කොව්ඩි -19 රෝගීන් සමග දිගු කාලයක් සේවය කළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ලංකාවේ ඉතාම සුඛෝපභෝගී හෝටල්වල තමන්ගේ පවුලේ අයත් සමග දින දෙක තුනක් විනෝද වෙලා එන්න අවස්ථාව ලබාදෙන්න කියලා. ඒ සදහා ද අවශ්‍ය කටයුතු කරන ලෙස සෞඛ්‍ය ලේකම් තුමාට මා උපදෙස් ලබාදුන්නා.”

    මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් , නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, ගරු අමාත්‍යතුමියගේ පෞද්ගලික ලේකම් කංචන ජයරත්න මහතා ඇතුලු සේඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ඒක්ව සිටියහ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya