මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ප්‍රජා ජල ව්‍යාපෘති ඇතුළු ජල ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳව අවධානය යොමු කෙරේ

    ජූනි 10, 2020

    ජාතික හා ප්‍රජා ජල ව්‍යාපෘතිවල ප්‍රගතිය සාකච්ඡා කිරීම පිළිබඳ සාකච්ඡාවක් ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්විණ.


    ඒ අනුව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය විසින් මේ වන විට ආරම්භ කර ඇති ව්‍යාපෘති වන වවුනියා ජල සැපයුම් ව්‍යාපෘතිය, අනුරාධපුර (උතුර) ජල සැපයුම් ව්‍යාපෘතිය - අදියර 1, මාතලේ ජල සැපයුම් ව්‍යාපෘතිය, දැදුරු ජල සැපයුම් ව්‍යාපෘතිය, කිරම - කටුවන ඒකාබද්ධ ජලසැපයුම් ව්‍යාපෘතිය, රුවන්වැල්ල ජල සැපයුම් ව්‍යාපෘතිය, පොල්ගහවෙල, පොතුහැර සහ අලව්ව ඒකාබද්ධ ජල සැපයුම් ව්‍යාපෘතිය, මාතර (අදියර iv) ජල සැපයුම් ව්‍යාපෘතිය, තඹුත්තේගම ජල සැපයුම් ව්‍යාපෘතිය, හම්බන්තොට ජල සැපයුම් ව්‍යාපෘතිය, Kelani Right Bank Project – 02, කටාන ජල සැපයුම් ව්‍යාපෘතිය යන ව්‍යපෘතිවල ප්‍රගතිය හා ගැටලු සාකච්ඡා කරනු ලැබීය.


    තවද ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇති ව්‍යාපෘති 122ක ප්‍රගතිය පිළිබඳව මෙහි දී සාකච්ඡා කළ අතර, ප්‍රජා ජල ව්‍යාපෘති අලුතින් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ද බැසිල් රාජපක්ෂ මහතා උපදෙස් ලබාදුන්නේය. එම ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන වෙන්කර ගැනීමට ඉදිරි අයවැයට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ද එහිදී අවධානය යොමු විය.


    මෙම අවස්ථාවට නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම, මාර්ග සහ මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් ආර්.ඩබ්.ආර් පේමසිරි, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජූඩ් නිලුක්ෂාන්, ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජයතිලක හේරත්, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති සී.පී අතුලුවගේ, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් සහභාගී වූහ.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya