අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංගම හා දුම්රිය සේවකයින් කොවිඩ් 19න් ආරක්ෂාවීම සඳහා සෞඛ්‍යාරක්ෂණ කට්ටල තොගයක්

    ජූනි 07, 2020

    මහජන චීනයේ CMC සමාගම විසින් ලංගම හා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් කොවිඩ් 19න් ආරක්ෂාවීම සඳහා සෞඛ්‍යාරක්ෂණ කට්ටල තොගයක් පරිත්‍යාග කරයි.

    මහජන චීනයේ ප්‍රධාන අපනයන සමාගමක් වශයෙන් සැළකෙන CMC සමාගම විසින් මෙරට ප්‍රවාහණ අංශවල නිරත වන සේවකයින් කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් ආරක්ෂාවීමටත්, එම සේවකයින්ගේ සෞඛ්‍යාරක්ෂණය වෙනුවෙන් යොදාගත හැකි කට්ටල තොගයක් ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත බාර දුන්නේය.


    විශේෂයෙන් ලබන සඳුදා සිට (08) දිවයින පුරා පොදු ප්‍රවාහණ සේවා නැවතත් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට ගන්නා ලද තීරණයත් සමග ලංගම හා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවක පිරිස් වෙත ලබා දීමට මෙම සෞඛ්‍යාරක්ෂණ කට්ටල යොගැනීමට නියමිතය.


    මෙම උපකරණ කට්ටල තොගයට Face Mask, Face cover මෙන්ම Protecting kit ද ඇතුළත් වේ. CMC සමාගමේ නියෝජිතයින් පිරිසක් විසින් අදාල උපකරණ තොගය ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශයේ දී අමාත්‍යවරයා වෙත බාර දෙනු ලැබීය. එම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් ගාමිණි සෙනවිරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගි වි සිටියේය. මින් පෙර ද චින රජය මෙන්ම චීන සමාගම් කිහිපයක් කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් ආරක්ෂා වීම සඳහා උපකරණ කට්ටල ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍යාංශයට බාර දුන් බව කී අමාත්‍යවරයා චිනයේ CMC සමාගම වෙත සිය කෘතඥතාව පළ කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya