අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරාධපුරයට කොවිඩ් -19 රෝගීන් සඳහා විශේෂිත වූ අති නවීන දැඩිසත්කාර ඒකකයක්

    ජූනි 06, 2020

    කොවිඩ් -19 රෝගීන් වෙනුවෙන් ඉදිකරන ලද විශේෂ ප්‍රතිකාර ඒකකයක් අනුරාධපුරයේ දී (04) පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් විවෘත කරනු ලැබිණි.


    කොවිඩ් -19 සඳහා විශේෂයෙන් නිර්මාණය කරනු ලැබූ මෙම වෛද්‍ය දැඩිසත්කාර ඒකකය ඇඳන් 6කින් සමන්විත වන අතර, අති නවීන පහසුකම්වලින් සමන්විතය.

    පරිසර හිතකාමී ලෙස සහ රෝහල් කාර්ය මණ්ඩලයේ උපරිම ආරක්ෂාව තහවුරු වන ලෙස නිර්මාණය කරන ඇති මෙම වාට්ටු සංකීර්ණය කොවිඩ් - 19 රෝගය හේතුවෙන් ශ්වසන අපහසුතාවන්ට පත්වන රෝගීන් සඳහා ශ්වසන ආධාර ලබා දීම වෙනුවෙන් නිර්මාණය කර ඇත.


    මෙම විවෘත කිරීමේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා, හිටපු රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, උතුරුමැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම් රංජිත්, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති වෛද්‍ය පාදෙනිය මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya