අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සඳුදා සිට පොදු ප්‍රවාහන සේවාව සාමාන්‍ය පරිදි - බස්රථ තාවකාලිකව ලියාපදිචි කළද මගී ප්‍රවාහනය ගන්නේ අවශ්‍ය වුවහොත් පමණයි- අමාත්‍ය මහින්ද අමරවීර

    ජූනි 06, 2020

    පාසල් බස් රථ, වන්දනා, සංචාරක හා ලියාපදිංචිය සඳහා පොරොත්තු ලේඛනයේ තිබෙන බස් රථ තාවකාලිකව ලියාපදිචි කළද, ඒවා මගී ප්‍රවාහනය සඳහා යොදා ගන්නේ අවශ්‍ය වුවහොත් පමණයි- අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කරයි.

    ලබන සඳුදා එනම් 2020.06. 08 දින සිට පොදු ප්‍රවාහන සේවාවන් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍යාංශය විසින් තීරණය කර තිබේ.

    ඒ අනුව තවදුරටත් කොවිඩ් 19 වසංගත තත්ත්වය පාලනය සඳහා සෞඛ්‍ය අංශ විසින් ලබා දී තිබෙන උපදෙස් තදින්ම ක්‍රියාත්මක කිරීමට පියවර ගනු ලැබේ. ආසන ගණනට පමණක් මගීන් ප්‍රවාහනය අනිවාර්ය වන අතර, සෑම මගියෙක්ම මුව ආවරණ පැළඳ සිටීය යුතුය. මුව ආවරණ නොමැතිව පොදු ප්‍රවාහණ සේවා මගින් ගමන් කිරීමට ඉඩ ලබා දෙන්නේ නැත. එමෙන්ම බස් රථ නැවතුම්පොළවල හා දුම්රිය ස්ථානවල අත් සෝදා ගැනීමේ පහසුකම් තවදුරටත් සපයනු ලැබේ. සෑම බස් රථයක්ම ගමනාරම්භයේ දී බස් රථයේ ආසන සියයට 50කින් මගීන්ගෙන් පිරුණු විගසම ධාවන කටයුතු ආරම්භ කළ යුතුය. එයට හේතුව අතරමග දී බස් රථවලට ගොඩවන මගීන්ට ද ඉඩ සැලසිය යුතු හෙයිනි.

    දැනට ලංගම බස් රථ 5300ක්, හා පුද්ගලික බස් රථ 23000ක් පමණ තිබුණ ද එම බස් රථ ප්‍රමාණය සෞඛ්‍ය අංශ විසින් දී ඇති උපදෙස් පරිදි මගී ප්‍රවාහනයට ප්‍රමාණවත් නොවේ. එමනිසා මගී ජනතාවට ප්‍රවාහන පහසුකම් ලබා ගැනීමේ දී සිදුවන අපහසුතාවලින් ඔවුන් ගළවා ගැනීම සඳහා දැනට ධාවනය නොකෙරෙන පාසල් බස් රථ, වන්දනා හා විනෝද චාරිකා සඳහා යොදා ගන්නා බස් රථ මෙන්ම ලියාපදිංචිය
    සඳහා පොරොත්තු ලේඛනයේ තිබෙන බස් රථ මගී ප්‍රවාහණය සඳහා තාවකාලිකව ලියාපදිංචි කිරීම
    සිට (03 ආරම්භ කර තිබේ.
    ඒ් අනුව ලංකා ගමනාගමන මණ්ඩලය හා ජාතික ගමනාගමන කොමිසම විසින් එකී බස් රථ තාවකාලිකව ලියාපදිංචි කිරීම සිදු කරනු ලබයි. කෙසේ වුවද, තාවකාලිකව ලියාපදිංචි කරන ලද ඉහත කී බස් රථ මගී ප්‍රවාහණය සඳහා යොදාගනු ලබන්නේ අවශ්‍ය වුවහොත් පමණක් බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කර සිටී.

    හුදෙක් මෙම ක්‍රියාමාර්ග ගනු ලබන්නේ මහජනතාවට ප්‍රවාහණ පහසුකම් සැලසීම ඉළක්ක කර ගනිමිනි. මෙම තීරණය මගින් පුද්ගලික බස් රථවලට හෝ ලංකාගමනාගමන මණ්ඩලයේ බස් රථවලට අසාධාරණයක් සිදුවීමට කිසිසේත්ම ඉඩ නොතබන ලෙස අමාත්‍යවරයා ප්‍රවාහණ බලධාරින්ට උපදෙස් දී තිබේ. ලබන සඳුදා (08) පොදු ප්‍රවාහන සේවා ආරම්භ කළ ද, අත්‍යවශ්‍ය නොවන ගමන් සඳහා පොදු ප්‍රවාහන සේවා භාවිතා නොකිරීමට පියවර ගන්නා ලෙස ද අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී. එමෙන්ම තවදුරටත් ආරක්ෂක අංශවල සහාය ද ලබා ගැනීමට නියමිතය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya