අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු මැද පළාතේ රෝහල් සංවර්ධනයට සුව ඇමැතිනියගේ අවධානය

    ජූනි 06, 2020

    මෙරට විශාලතම පළාත වන උතුරු මැද පළාතේ රෝහල්වල පවතින සෞඛ්‍ය ගැටළු පිළිබද සොයා බැලීම සදහා විශේෂ සාකච්ඡාවක් (05) දින සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ සහභාගීත්වයෙන් උතුරු මැද පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී පැවැත්විනි.

    උතුරු මැද පළාතේ ප්‍රධාන පරිපාලන දිස්ත්‍රික්ක 02 වන අනුරාධපුර සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්ක තුල මූලික රෝහල් 08 කින් යුක්ත වේ. එම රෝහල් අතුරින් හිඟුරක්ගොඩ, පදවිය, තඹුත්තේගම, කැබිතිගොල්ලෑව, මැදිරිගිරිය යන රෝහල්වල වකුගඩු රෝගීන් සදහා වන රුධිර කාන්දුකරණ ඒකක වල ප්‍රතිආශ්‍රැතිකරණ ජල පද්ධති වල ගැටළු මෙම සාකච්ඡාවේ දී ඉදිරිපත් විය. එහිදී සමහරක් රෝහල්වල රුධිර කාන්දුකරණ ඒකක වල ප්‍රතිආශ්‍රැතිකරණ ජල පද්ධති නොමැති බවත්, සමහරක් රෝහල් වල ප්‍රතිආශ්‍රැතිකරණ ජල පද්ධති අකර්මණ්‍ය වී ඇති බවටත්, එම ජල පද්ධති කඩිනමින් ස්ථාපිත කිරීමට පියවර ගන්නා ලෙසත් නිළධාරීන් හා වෛද්‍යවරු සෞඛ්‍ය අමාත්‍යතුමියගෙන් ඉල්ලා සිටි අතර, රුධිර කාන්දුකරණ ඒකක වල ප්‍රතිආශ්‍රැතිකරණ ජල පද්ධති නොමැති රෝහල් සදහා කඩිනමින් එම ජල පද්ධති ස්ථාපිත කිරිමට හා අකර්මණ්‍ය වී ඇති ජල පද්ධති කඩිනමින් යථාවත් කිරීම සදහා අදාල නිලධාරින්ට සෞඛ්‍ය අමාත්‍යතුමිය උපදෙස් ලබාදෙන ලදි.

    එමෙන්ම උතුරු මැද පළාතේ රුධිර කාන්දුකරණ ප්‍රතිකාර මධ්‍යස්ථාන 06 ක් වන අතර එම මධ්‍යස්ථාන 06 සදහා වෙනම වකුගඩු රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු කඩිනමින් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යතුමිය විසින් සදහන් කරන ලදි.

    උතුරු මැද පළාත තුල පවතින විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද සහ අතුරු වෛද්‍ය සේවා පුරප්පාඩු ඉදිරියේ දී බදවා ගන්නා සෞඛ්‍ය කර්ය මණ්ඩලවලින් පිරවීමට පියවර ගැනීම පිළිබදවත්, සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා නේවාසිකාගාර පහසුකම් ලබාදීමට විධිමත් වැඩපිළිවෙළත් දියත් කිරීම පිළිබදව ද සෞඛ්‍ය අමාත්‍යතුමිය අවධානය යොමු කරන ලදි.

    එමෙන්ම ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරයෙක් උතුරු මැද පළාත තුල නොමැති බැවින් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරයෙක් ලබාදීමට කටයුතු කරන බවත්, උතුරු මැද පළාතේ රෝහල්වල දැනට සිදු කරනු ලබන සංවර්ධන කටයතු කඩිනමින් නිම කිරීම සදහා උපදෙස් අදාල නිලධාරීන් වෙත ලබාදීමට ද මෙහිදී පියවර ගන්නා ලදි.

    මෙම අවස්ථාවට උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් එච්.එම්.ඩී බණ්ඩාර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුනිල් ද අල්විස්, උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩ.එම් පාලිත බණ්ඩාර, උතුරු මැද පළාත් ආණ්ඩුකාර ලේකම් ඒ.කේ.එම් වික්‍රමසිංහ, අනුරාධපුර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ආරියරත්න, සබරගමු පළාත් සභාවේ සභාපති ගරු සෞඛ්‍ය අමාත්‍යතුමියගේ පෞද්ගලික ලේකම් කංචන ජයරත්න මහතා ඇතුලු නිළධාරීන් පිරිසක් එක්ව සිටියහ.

     

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya