අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජන සහභාගීත්වය අවම කරමින් ආමිස හා ප්‍රතිපත්ති පූජා- අනුරධපුරයේ කිසිදු දන්සලක් නොපැවැත්වෙයි

    ජූනි 05, 2020

    ජන සහභාගීත්වය අවම කරමින් ආමිස ප්‍රතිපත්ති පූජා පවත්වමින් පොසොන් පොහෝ දිනය වන ජුනි 05 වන අද දින ශිල ව්‍යාපාර , දානමය පුණ්‍ය කර්ම මෙන්ම බෝධි පූජා ආදිය පැවැත්වෙන අතර මෙවර සති පිරිත නොපැවැත්වීමට තීරණය කර තිබේ.

    අනෙකුත් ආගමික වතාවත් සඳහා කලින් සැලසුම් කර සෞඛ්‍යාරාක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ගෙන්වා ගන්නා සීමිත පිරිසක් සහභාගී කරවන බව පොසොන් කමිටුවේ සභාපති අනුරාධපුර මහ දිසාපති නීතීඥ ආර්. එම්. වන්නිනායක මහතා පැවැසීය.


    මෙවර අනුරධපුර යේ කිසිදු පොසොන් දන්සලක් නොපැවැත්වේ. පෙර වසර වල දී මෙන්ම පොසොන් සතිය පුරා සුරා සැල් හා මස්කඩ වසා තැබේ. සැරසිලි කටයුතු ආදිය සිදුකර ගැනීමට බාධාවක් නොවන බව ද දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ ය. එහෙත් ඒවා සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් සිදුකරන්නේ ද යන්න සෞඛ්‍ය අංශයේ නිලධාරින් යොදාගෙන පරීක්ෂා කිරිමේ වැඩපිළිවෙළක් ද සකසා ඇත.

    පොහෝ දා උදෑසන 6.00 ට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට කිරි ආහාර පූජාව සිදු කෙරේ. අනතුරු 10.30 ට සම්බුද්ධ පූජාව පැවත්වා මහා සංඝරත්නය විෂයෙහි දහවල් දානය පිරිනැමීමට නියමිතයි. සවස 6.30 ට ගිලන්පස බුද්ධ පූජාව පැවැත්වෙන අතර රාත්‍රී 08.00 සිට පසුදා පහන් වන තුරු පරිත්‍රාණ ධර්මදේශනාවක් පැවැත්වේ. මෙම ආගමික කටයුතු සංවිධානයේ දී මුලිකත්වය ගෙන කටයුතු කරන්නේ මධ්‍යම නුවරගම් පලාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා සති පිරිත් පිංකම් කමිටුව බව ප්‍රාදේශීය ලේකම් ගාමිණි සේනාරත්න මහතා පවසයි.


    පොහෝ දා උදෑසන 6.00 ට සිල් පිරිස උදෙසා අටසිල් සමාදන් කරවීමෙන් හා බුද්ධ පූජාව පැවැත්වීමෙන් රුවන්වැලි මහා සෑය අබියස ආගමික වතාවත් ආරම්භ වේ. 7.30 සිට 8.30 දක්වා මහ සෑ වර්ණනාව හා ධාතු වන්දනාව සිදුකිරීමට නියමිතයි. පොහෝ දා උදෑසන 08.30 පුරා පැයක කාලයක් පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් විසින් පවත්වන ධර්මදේශනයකි. සවස 3.00 සිට 4.00 දක්වා කාලයේ ධර්ම සාකච්ඡාවක් සූදානම් කර ඇත.

    කොරෝනා වෛරසයෙන් රට මුදවා ගැනිමට කටයුතු කරන අතිගරු ජනාධිපතිතුමා , අගමැති තුමා ප්‍රමුඛ රජයටත් , සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ප්‍රමුඛ සුව විරුවන්ටත් , ත්‍රිවිධ හමුදාව , පොලීසිය , සිවිල් ආරක්ෂක බලකායේ සැමටත් , පොසොන් කමිටුවේ සභාපති අනුරාධපුර මහ දිසාපතිතුමන් මෙන්ම සියලු ලක්වැසි ජනතාවට ආශිර්වාද ප්‍රාර්ථනා කර පවත්න අධිෂ්ඨාන ආශිර්වාද පූජාව සවස 05.00 ට ආරම්භ වේ. පූජ්‍ය කොටපොල අමරකිත්ති නා හිමිපාණන් වහන්සේ මෙහෙයවන මෙම අධිෂ්ඨාන පුජාවෙන් පසුව රුවන් වැලි මහා සෑය අබියස පවත්වන ආගමික වතාවත් අවසන් වේ. ජන සහභාගීත්වය සීමා කර ඇතත් , තන්තිරිමලේ පුදබිම තුල ද පොසොන් උත්සවය නිමිති කරගෙන විශේෂ ආගමික වතාවත් පැවැත්වේ. ජුනි මස , 5 සහ 6 යන  දින   ආලෝක පූජාව ද පවැත්වීමට සුදානම් කර ඇත.

    අටමස්ථාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වහන්සේ ගේ අනුශාසනා පරිදි ඉතා ක්‍රමවත්ව මෙම ආගමික වතාවත් සිදුකිරීමට සුදානම් කර ඇති බව පොසොන් උත්සවය පිළිබඳ සාකච්ඡාවේදී රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී පුජ්‍ය පල්ලේගම හේමරතන නා හිමිපාණන් සඳහන් කළේ ය. උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ
    , පොහෝ දිනයේ දී ඇඳිරි නීතිය පැවැතියත් නැතත් , බෞද්ධ සිද්ධස්ථාන කරා යාම සිදු නොකර නිවසේ සිට ආගමික වතාවත් හි නිරත වීමට බැතිමතුන් පියවර ගැනීම ඉතා යෝග්‍ය බවයි. පවත්නා වසංගත තත්ත්වය තුරන් කිරීමට මෙම අවස්ථාවේදී සාමාන්‍ය ජනතාව හැටියට ලබාදිය හැකි සියලු සහය ලබාදිය යුතු බව , උන්වහන්සේ අවධාරණය කළහ
    DMU/Anuradhapura

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya