මැයි 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ රැකියා සඳහා ලබාදෙන පුහුණුවේ ගුණාත්මකභාවය ඉදිරියේ දී කාලානුරූපව වෙනස් කෙරේ- ගෘහසේවිකා නාමයත් වෙනස් කිරීමට පියවර

    ජූනි 03, 2020

    විදේශ රැකියාලාභීන් සඳහා ලබාදෙන පුහුණුව ඉදිරියේදී වෙනස් කිරීමට පියවරගන්නා මෙන් නිළධාරීන්ට උපදෙස් ලබාදුන් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා
    ප්‍රකාශ කළේය.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, කොරෝනා වසංගතය හේතුවෙන් අක්‍රීය වී ඇති විදේශ රැකියා ක්ෂේත්‍රය යලි ක්‍රියාත්මක කිරීම සඳහා පැවති වැඩමුළුවකට සහභාගි වෙමිනි. විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩමුළුව සංවිධානය කර තිබෙනවා. බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන නියෝජිතයන් සහභාගී වූ මෙම වැඩමුළුව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයේදී දුරස්ථභාවය ආරක්ෂා කරමින් පැවති අතර , විශේෂඥ වෛද්‍ය හරිස්චන්ද්‍ර යකන්දාවල මහතා විසින් විශේෂ දේශනයක්ද පැවැත්විය.


    එහිදී අදහස් දැක්වූ කමල් රත්වත්තේ මහතා,

    “කොවිඩ් වසංගතය නිසා විදේශ රැකියා ක්ෂේත්‍රයට විශාල පහරක් වැදුනා. මැදපෙරදිග රටවලටත් එය බලපෑවා. කොරෝනා නිසා ලංකාවේ වගේම ලෝකයේ බොහෝ රටවල අලුත් ව්‍යාපාර බිහිවෙලා තියෙනවා. එම නිසා ඊට ගැලපෙන ලෙස විදේශ රැකියා පුහුණුව වෙනස් විය යුතුය. විදේශ රැකියා ක්ෂේත්‍රයේ ගැටළු රැසක් ඇතිවී තිබෙනවා. කෙසේ නමුත් අපි මේ ක්ෂේත්‍රයේ දියුණුකරන්න සැලසුම් කරනවා. ඒ අනුව, ඉදිරියේදී මැදපෙරදිග ඇතුළු අනෙකුත් රටවලට ශ්‍රමිකයින් යැවිමේදී වඩාත් හොඳ පුහුණුවක් සහිත කාර්යශූර පුද්ගලයින් යැවීමට කටයුතු කරනවා.

     
    “අපේ පුහුණු පාඨමාලාව අපි නවීකරණය කරන්න ඕනි. ජනාධිපතිතුමා හමුවූ වෙලාවේ මට උපදෙස් දුන්නා නිපුණතා සහිත පුද්ගලයින් විදේශ රැකියා සඳහා යොමු කරන්න කියලා. ගෘහසේවිකා යන නම පවා වෙනස් කරනවා. ඉදිරියේදී ඊට අදාල අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබා ගන්නවා. ඒ අනුව රැකියා පුහුණුවීම් පවා වෙනස් විය යුතුය. ”


    විදේශ රැකියා පුහුණු පාඨමාලාවට කොරෝනා වැනි වසංගත තත්ත්වයන් හා ඊට මුහුණදිය හැකි සෞඛ්‍ය පුරුදු පිළිබඳව ඇතුළත් කරන බවද සභාපතිවරයා සඳහන් කළේය.කොරෝනා වසංගතය පැතිරීමට පෙර, එනම් 2020 ජනවාරි සිට මාර්තු මුල දක්වා පුද්ගලයින් 6495 දෙනෙකු විදේශ රැකියා පුහුණුව ලබා ඇති අතර ඉන් 1216 දෙනෙකු ගෘහපාලිකා (ගෘහසේවිකා) පුහුණුව ලබා දී තිබේ.


    මේ අවස්ථාව සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ඩබ්.එම්.වී.වන්සේකර මහතා, බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත සංගමයේ නිළධාරීන්, රැකියා නියෝජිතයින් සහ කාර්යාංශයේ උසස් නිළධාරීන් එක්වී සිටියහ.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya