මැයි 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩෙංගු සහ මී උණ ව්‍යාප්තිය පාලනයට සුව ඇමැතිනියගේ දැඩි අවධානය - තත්ත්වය පාලනයට පියවර රැසක්

    ජූනි 03, 2020

    මදුරුවන්ට ඇදිරිනීතිය දැමිය නොහැකි නිසා මදුරු දෂ්ඨනයෙන් හැකිතාක් ආරක්ෂා වන ලෙසත්, ඉදිරි වැසි සමය සමග ඩෙංගු වසංගත තත්ත්වයක් ඇති විය හැකි බැවින් මදුරු මර්දනයට අවදානය යොමු කරන ලෙසත් සුව ඇමැතිනයගෙන් ඉල්ලීමක්.

     

    කොරෝනා වෛරසය පාලනයට හා මැඩපැවැත්වීමට රජය කටයුතු කළා සේම ඩෙංගු රෝගය හා මී උණ රෝගය පාලනය හා මැඩපැවැත්වීම සදහා ද රජය විසින් මේ වන විටත් වැඩපිලිවෙලවල් රැසක් ක්‍රියාවට නංවා ඇත.කොරෝනා වෛරසය පාලනයේ දී සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යවරිය වශයෙන් දේශපාලන නායකත්වය විශිෂ්ට අයුරින් ලබාදුන් පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ උපදෙස් පරිදි ඩෙංගු මර්ධනය සදහාත් කෘෂි කර්මාන්තය ආශ්‍රිත කටයුතු සිදු කරන කාල පරිච්ඡේදයක් වන බැවින් මී උණ රෝගයෙන් ද ජනතාව ආරක්ෂා කර ගැනීම සදහා විශේෂ වැඩපිළිවෙලවල් රැසක් ක්‍රියාවට නංවා ඇත.

     

    ඒ අනුව (02)දින සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් රත්නපුර ප්‍රදේශයේ කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ථාසය තුල ඩෙංගු රෝගීන්ගේ සහ මී උණ රෝගීන්ගේ ඉහළයාමක් පෙන්නුම් කරන හෙයින් ඒ පිළිබද සොයා බැලීමට විශේෂ සාකච්ඡාවක් කුරුවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්විනි.


    මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යතුමිය - “මේ වසරේ ඩෙංගු රෝගීන් 19000 ක් පමණ වාර්තා වී තිබෙනවා. 22 ක් මරණයට පත් වෙලා තිබෙනවා. ගිය වසරේ 150 ක් පමණ මියගියා. ඉදිරියේ දී වැසි සමයත් සමග මෙය වසංගතයක් දක්වා යෑමට ඉඩකඩ තිබෙනවා. මදුරුවන්ට තමන්ව දෂ්ඨ කිරීමට ඉඩ තබන්න එපා. ඒ සදහා සුදුසු ක්‍රම භාවිත කරන්න. මදුරුවන්ට ඇදිරිනීතිය දාන්න බැහැ. මදුරුවන් බෝවීම වැළැක්වීමට කටයුතු කරන්න. අධික උණ ගතියක් වෙතොත් දිස්ත්‍රික්කයේ ප්‍රධාන රෝහලක් වෙත ඉක්මණින්ම යොමු වන්න. ඩෙංගු ප්‍රතිකාර මගින් සුව කර ගත හැකි රෝගයක්. ඩෙංගු රෝගයෙන් ජනතාව බේරා ගැනීම කොවිඩ් වසංගතයෙන් ජනතාව බේරා ගැනීම වගේම වගකීමක්. කොවිඩ් ආසාදියෙක්ට වුවත් ඩෙංගු වැළදෙන්න පුළුවන්. මේ රට වෙලා ගෙන සිටින ඩෙංගු වසංගතය බින්දුවට බැස්සවීම අපේ වගකීමක්. රෝගීන් අඩු කර ගැනීමේ ඉළක්කයට අප යා යුතුයි.”

    මේ වසරේ කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ථාසය ඩෙංගු රෝගීන් 56 ක් ග්‍රාම නිලධාරි වසම් 07 ක් වන කුරුවිට 10, තෙප්පනාව 09, කීරගල 02, තලවිටිය 02, පුස්සැල්ල 16, කිතුල්පේ 08, එරත්න 09 වශයෙන් වාර්තා වන බව පෙන්වා දෙන ලදි. රත්නපුර දිස්ත්‍රික්කයෙන් මෙම වසරේ මේ වන තෙක් ඩෙංගු රෝගීන් 752 ක් සොයාගෙන ඇති අතර, ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන මර්දනය කිරීමට ඉළක්කගත වැඩසටහන් දියත් කළ යුතු බව පෙන්වා දුන් සෞඛ්‍ය අමාත්‍යතුමිය දැනට රෝගීන් වාර්තා වී ඇති ග්‍රාම නිලධාරි වසම් සදහා ප්‍රමුඛතාවය ලබාදී වැඩසටහන් සහ ජනතාව දැනුවත් කිරීමේ කටයුතු සිදු කරන ලෙසත් නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි. එමෙන්ම මහජනතාව දැනුවත් කිරීමේ දී අධික උණ පවතින්නේ නම් වහාම ප්‍රදේශයේ ප්‍රධාන රෝහල වෙත යොමු වන දැනුවත් කිරීමට ද පියවර ගන්නා ලෙස උපදෙස් ලබාදෙන ලදි.

    දැනට වැඩිම මී උණ රෝගීන් වාර්තා වන්නේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් වන අතර, කුරුවිට ප්‍රාදේශිය ලේකම් කොට්ථාසය තුල පමණක් පසුගිය මාස 06 ට මී උණ රෝගීන් 101 ක් වාර්තා වී ඇති බව නිළධාරීන් විසින් අමාත්‍යවරිය දැනුවත් කළ අතර, මෙම වර්ෂයේ වැඩිම රොගීන් ලෙස මැයි මස පමණක් මී උණ රෝගීන් 41 ක් වාර්තා වී ඇත. මෙහිදී අමාත්‍යතුමිය විසින් සති දෙකක් ඇතුලත කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කරන ලෙසත්, ගොවි සමිති සහ මැණික් කර්මාන්තකරුවන් සමග සාකච්ඡා කර අවශ්‍ය ඖෂධ අදාල පුද්ගලයින් වෙත නිසි පරිදි ලබාදීමේ සහ දැනුවත් කිරීමේ වැඩපිළීවෙලක වැදගත්කම ද නිලධාරින්ට පෙන්වා දෙන ලදි.


    මෙම අවස්ථාවට රත්නපුර පොදුජන පෙරමුණේ රත්නපුර ආසන සංවිධායක රංජිත් බණ්ඩාර මහතා, සබරගමුව පළාත් සභාවේ සභාපති කංජන ජයරත්න මහතා, කුරුවිට ප්‍රාදේශීය ලේකම් දිළිණි ධර්මදාස මහත්මිය, සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කපිල කන්නංගර මහතා, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ අනුර ජයසේකර මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ග්‍රාම නිලධාරිවරුන්, සමෘද්ධි නිලධාරීවරුන්, එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya