මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍ය තත්ත්වය යහපත් වූ වහාම සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුගත වෙමින් හැකි ඉක්මණින් ඡන්ද විමසීම පැවැත්වීමට කටයුතු කරනවා

    ජූනි 02, 2020

    සෞඛ්‍ය තත්ත්වය යහපත් වූ වහාම සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් වලට අනුකුලව සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුගත වෙමින් හැකි ඉක්මණින් ඡන්ද විමසීම පැවැත්වීමට කමිෂන් සභාව බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ (01) විශේෂ ප්‍රකාශයක් කරමින් සදහන් කළේය.

     

    ජුනි මස 20 වෙනි දිනට යෙදී තිබූ ඡන්ද විමසීම පවතින තත්ත්වය හමුවේ සිදු කළ නොහැකි බව දැනටමත් ජනාධිපති නීතිඥවරුන් හරහා ගරු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දන්වා තිබෙන බවද කියා සිටියේ ය.

    ඡන්ද විමසීම පැවැත්වීමට සුදුසු දිනය පිළිබඳව නියම කිරීමට සුදුසු දිනය පිළිබඳව නෛතික බාධාවක් ඇති නොවන්නේ නම් මැතිවරණ කමිෂන් සභාව ඒ සදහා වෙනත් දිනයක් නියම කරන බවත්, මැතිවරණය දිගින් දිගටම කල් තැබීමේ කිසිඳු අවශ්‍යතාවයක් මැතිවරණ කමිෂන් සභාවට නොමැති බවත්, සෞඛ්‍ය තත්ත්වය යහපත් වූ වහාම සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් වලට අනුකුලව සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුගත වෙමින් හැකි ඉක්මණින් ඡන්ද විමසීම පැවැත්වීමට කමිෂන් සභාව බලාපොරොත්තු වන බවත් මහින්ද දේශප්‍රිය මහතා මෙහි දී සදහන් කළේය.

    ජනතාවගේ ඡන්දයෙන් තේරී පත් වූ පාර්ලිමේන්තුවක් ප්‍රජාතන්ත්‍රවාදී රටක පැවතීම අත්‍යවශ්‍ය බව මැතිවරණ කොමිෂන් සභාව දැඩිව විශ්වාස කරන බව ද ඒ මහතා මෙහි දී සදහන් කළේය. එහෙයින් දැනටමත් කරගෙන යන ව්‍යවස්ථාපිත වැඩකටයුතු ඒ ආකාරයෙන්ම සිදු කෙරෙන අතර තැපැල් ඡන්ද අයදුම්පත් වලට අදාළ ක්‍රියාවලිය බොහෝ දුරට අවසන් කර ඇති බව සදහන් කර සිටි දේශප්‍රිය මහතා සෞඛ්‍ය කාර්යය මණ්ඩලවල සාමාජිකයින් මැතිවරණ රාජකාරිවලට යොදවා ගැනීමට ද අපේක්ෂිත බැවින් තැපැල් ඡන්ද අයදුම් පත් සම්බන්ධ කටයුතු කිරීමට වැඩි කාලයක් අවශ්‍ය වී ඇති බව ද විශේෂයෙන් සදහන් කර සිටියේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya