මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිරි ගවයන්ට අවශ්‍ය තරම් ආහාර නොමැති වීම ප්‍රධාන ගැටළුවයි - අවශ්‍ය තාක්ෂණය යොදාගනිමින් ක්‍රමානුකුලව කිරි කර්මාන්තය නඟාසිටුවීමට කටයුතු කළ යුතුයි

    ජූනි 01, 2020

    මෙරට කිරි කර්මාන්තය නංවාලීම සදහා ප්‍රතිපත්තිමය තීරණ අනිවාර්යෙන් ගත යුතු අතර යෝජිත කැබිනට් පත්‍රිකාවේ සදහන් කළ පරිදි ගෙන්වීමට යෝජිත අභිජනනය කිරීම සදහා උසස් තත්ත්වයේ කිරි ගවයින් 2500 ආනයනය කොට අවශ්‍ය තාක්ෂණය යොදාගනිමින් ක්‍රමානුකුල ව කිරි කර්මාන්තය නඟාසිටුවීමට කටයුතු කළ හොත් වරින් වර නැවත කිරි ගවයින් මෙරටට ගෙන්වීමේ අවශ්‍යතාවයක් නොමැති බව සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි පිඨයේ පීටාධිපති - ජාතික පශු සම්පත් මණ්ඩලයේ සභාපති ආචාර්ය මංජුල සුමිත් මාගම්මනමහතා අද (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙහි සෞභාග්‍යා වැඩසටහන යටතේ දේශීය කිරි කර්මාන්තය හා කිරි ගොවියා ශක්තිමත් කිරීමේ වැඩසටහන වෙනුවෙන් පැවති මධ්‍යහමුවේ දී කියා සිටියේය.

     උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ මූලිකත්වයෙන් මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණි

     

    එමෙන්ම, කිරිගොවිතැන නංවාලීමේ ප්‍රධාන ගැටලුව වී ඇත්තේ මෙරට සතුන් නොමැතිකම හෝ වෙනත් ගැටළුවක් නොව සතුන්ට අවශ්‍ය ආහාර නොමැති වීම බවත්, සතුන්ට අවශ්‍ය ආහාර ලබා දීම වැඩිදියුණු කිරීම සදහා අවශ්‍ය ප්‍රවේශයක් ඉතා ඉක්මනින් ලබා ගත යුතු බවත්, සත්ත්ව අභිජනනය කිරීම සදහා වෙන් කර ඇති එකම ආයතනය වන ජාතික පශු සම්පත් මණ්ඩලයේ ප්‍රධාන වගකීම වන්නේ මෙරට සත්ත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිර්දේශිත සත්ත්ව අභිජනන පනත යටතේ පවත්නා පතිපත්ති මාලාවන්ට අනුව දේශගුණික රටාවන්ට අනුකුල ව අවශ්‍ය සුදුසු ඒ ඒ ප්‍රදේශ වලට අදාළ ව සතුන් නිදහස් කිරීම ප්‍රධාන අරමුණ වන වන බවත් ඒ මහතා මෙහි දී කියා සිටියේය.


    ඒ අනුව, මෙරට තෘණ කර්මාන්තය දියුණු කළ යුතු අතර කිරි කර්මාන්තය වෙනුවෙන් මෙරට පවතින දැනුම භාවිතා කරමින් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයත් ගොවිපල සතු ඉඩම්වල පෝෂ්‍යදායි තෘණ, බඩ ඉරිගු සහ සෝගම් වගා කිරිමටත්, එමඟින් සයිලේජ් යන සංරක්ෂිත තෘණ සැකසීමටත්, එම මණ්ඩලයට අයත් ගොවිපල වන රිදියගම නිකවැරටිය ගොවිපල වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමටත් මෙම ව්‍යාපෘතිය මඟින් කටයුතු කරන බව ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේය.


    එමෙන්ම විශ්ව විද්‍යාල 04 ක් පේරාදෙණිය, සබරගමුව, වයඹ සහ යාපනය විශ්වවිද්‍යාල සම්බන්ධ කරගෙන පර්යේෂණ සිදු කිරීමටත්, සත්ත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ කුණ්ඩසාලේ පිහිටා ඇති AI මධ්‍යස්ථානය වැඩිදියුණු කරන ලද ශුක්‍රාණු නිෂ්පාදනය කරන ලද ආයතනයක් බවට පරිවර්තනය කිරීමටත්, රට තුළ තාක්ෂණය යොදාගෙන සතුන් සදහා කෘතීම සිංචනය කිරීමට අවශ්‍ය තාක්ෂණය වැඩිදියුණු කිරීමටත් මෙන්ම, සත්ත්ව කළල බද්ධය කිරිමට අවශ්‍ය තාක්ෂණය ශ්‍රී ලංකාව සතුව පවතින හෙයින් එකී දැනුම උපයෝගී කරගනිමින් දේශීය කිරි කර්මාන්තය නඟා සිටු වීම දේශීය කිරි කර්මාන්තය හා කිරි ගොවියා ශක්තිමත් කිරීමේ වැඩසටහනේ මූලික පරමාර්ථය වන බව ඒ මහතා මෙහි දී ප්‍රකාශ කළේය.

    ඒ අනුව, මෙරට කිරි ගොවිතැන නංවාලීමට ඇති එකම විසඳුම සතුන් ආනයනය කිරීම නොවන බව ද, පසුගිය කාලයේ දී ඍජුව ම සතුන් ආනයනය කර ගොවීන්ට බෙදාහැරිම මඟින් ගැටළු ඇති වී තිබෙන බව ද ප්‍රකාශ කළ ඒ මහතා කිරි ගොවීන්ට අවශ්‍ය ඉහළ ගණයේ සතුන් ලබා දීමට ජාතික පශු සම්පත් මණ්ඩලය අභිජනන ගොවිපල වැඩිදියුණු කිරීම මඟින් සිදු කරන බව ද සදහන් කළේය.

    අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක නාලක කළුවැව, කෘෂිකර්ම අමාත්‍යංශයේ අතිරේක ලේකම් ජේ.එම් ඩග්ලස්, සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි පිඨයේ පීටාධිපති - ජාතික පශු සම්පත් මණ්ඩලයේ සභාපති ආචාර්ය මංජුල සුමිත් මාගම්මන, කෘෂිකර්ම අමාත්‍යංශයේ කිරි නිෂ්පාදන ව්‍යාපෘති අංශයේ අධ්‍යක්ෂ සාගරිකා සුමනසේකර යන මහත්ම මහත්මීහූ මෙම මාධ්‍ය හමුවට එක් ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya