අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

      COVID-19 මැඩලීමට කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් “CuRec” නමින් පරිගණක මෘදුකාංගයක්

    මැයි 24, 2020

    COVID-19 වසංගත තත්වයට එරෙහිව ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමට “CuRec” නමින් පරිගණක මෘදුකාංගයක්, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පිරිස් මහතාගේ මඟපෙන්වීමෙන් පරිගණක පිඨයේ පර්යේෂක කණ්ඩායමක් මගින් නිර්මාණය කර ඇත.

    "CuRec" මෘදුකාංගය මගින් රෝගියා සහ වෛද්‍යවරයා අතර ඵලදායි වීඩියෝ සන්නිවේදනක් ඇති කර එමගින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට රෝගය වැළඳීමේ අවදානම අඩු කරයි. රෝගියාගේ සෞඛ්‍ය තත්ත්වය අනුව ගිලන් රථයක් රෝගියාගේ නිවසට යැවීමට හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකගේ නිරීක්ෂණය යටතේ නිරෝධායනයට ලක් කිරීමට ද අවශ්‍ය තීරණ ගැනීමේ පහසුකම ද මෙම මෘදුකාංගය මගින් වෛද්‍යවරයාට සලසා තිබීම විශේෂත්වයකි.

    මෙම මෘදුකාංගය පිලිබඳව සෞඛ්‍ය, හා දේශීය වෛද්‍ය අමාත්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් සංජීව මුනසිංහ මහතා දැනුවත් කිරීමේ අරමුණින් අද දින (24) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී විශේෂ හමුවක් පවත්වන ලදි. පරිගණක විද්‍යා උපාධි අපේක්ෂක සිසුන් වන එන්. සමාරා ප්‍රේමරත්න සිසුවිය සහ එච්. කසුන් කල්හාර පෙරේරා සිසුවා විසින් සෞඛ්‍ය අමාත්‍යතුමියට මෙම මෘදුකාංගය පිළිබද මුලික හැදින්වීම සිදු කරන ලදි.

    "CuRec"මෘදුකාංග පර්යේෂණ කණ්ඩායම ලෙස ආචාර්ය ප්‍රදීප් කලන්සූරිය (ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ පරිගණක විද්‍යා අංශයේ අංශ ප්‍රධානී) සහ පරිගණක විද්‍යා උපාධි අපේක්ෂක සිසුන් වන කසුන් කල්හාර, නිමේෂ් ඒකනායක, චානක්‍ය බණ්ඩාර, සවිඳු බණ්ඩාර, මලිත් ඉලේපෙරුම, සනාරා ප්‍රේමරත්න සහ කෙත්මි පෙරේරා කටයුතු කර ඇති අතර - පරිගණක පිඨයේ පීඨාධිපති කොමදෝරු ජනක ගුණසිල, විශේෂඥ වෛද්‍ය නාමල් විජේසිංහ (හෘද රෝග විශේෂඥ සහ වෛද්‍ය පිඨයේ පීඨාධිපති), වෛද්‍ය සමන් යාපා බන්ඩාර (නියෝජ්‍ය අධ්‍යක්ෂ-රිජ්වේ ආර්යා ළමා රෝහල), වෛද්‍ය විරාජ් ජයසිංහ (ළමා රෝග විශේෂඥ වෛද්‍ය), වෛද්‍ය වාසන් රත්නසිංහම් (රිජ්වේ ආර්යා ළමා රෝහල) සහ වෛද්‍ය මංගල රාජමන්ත්‍රි (කායික රෝග විශේෂඥ වෛද්‍ය - මූලික රෝහල කරවනැල්ල) යන මහත්වරුන් මෙම ව්‍යාපෘතියේ උපදේශකයින් ලෙස කටයුතු කර ඇත.

    "CuRec" මෘදුකාංගය හදුන්වාදීමේ අවස්ථාවට ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ විශේෂඥ වෛද්‍ය ජයන්ත බලවර්ධන මහතා, පරිගණක පිඨයේ පීඨාධිපති කොමදෝරු ජනක ගුණසිල මහතා, විශේෂඥ වෛද්‍ය නාමල් විජේසිංහ (හෘද රෝග විශේෂඥ සහ වෛද්‍ය පිඨයේ පීඨාධිපති), ආචාර්ය ප්‍රදීප් කලන්සූරිය (ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ පරිගණක විද්‍යා අංශයේ අංශ ප්‍රධානී) යන මහත්වරුන් ඇතුලු පිරිසක් සහභාගී විය.

     

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya