මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    10,103 ක් නිරෝධායනය අවසන් කර නිවෙස් වෙත- පුද්ගලයින් 3,519ක් තවදුරටත් නිරෝධායනයේ

    මැයි 20, 2020

    ත්‍රිවිධ හමුදාව විසින් අද වන විට 10,103 ක් නිරෝධායනය අවසන් කර නිවෙස් කරා මුදා හැරීමට කටයුතු කර ඇති බව ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (20) COVID - 19 පැතිරීම වැළැක්වීමේ
    ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී නිවේදනය කළේය.

    යුධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වලින් අද (20) දිනයේ දී 230ක් තම නිරෝධායනය අවසන් කර නිවෙස් කරා මුදා හැරීමට කටයුතු කරනු ලැබූ බවත්, ඔවුන් COVID – 19 අසාදනය වී නොමැති බව කරන ලද PCR පරීක්ෂණ වලින් තහවුරු වූ හෙයින් මෙසේ මුදා හැරීමට කටයුතු කළ බවත් යුධ හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටියේය.

    එමෙන්ම, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 37 ක් තුළ පුද්ගලයින් 3,519ක්  තවදුරටත් නිරෝධායනය වෙමින් පවතී.

    නාවික හමුදාවේ සේවයේ නියුතු විරෝදාර රණවිරුවන් 578 දෙනකු මේ දක්වා වෛරසය ආසාදනයට ලක් ව ඇති අතර ඉන් 221ක් මේ වන විට සම්පූර්ණ සුවය ලබා රෝහල් වලින් නිදහස් කිරීමට කටයුතු කරනු ලැබූ බව ද යුධ හමුදාපතිවරයා මෙහි දී සඳහන් කළේය. එසේ පැමිණෙන සියලුම නාවික හමුදාවේ සේවයේ නියුතු විරෝදාර රණවිරුවන් නාවික හමුදාව විසින් තවත් දින 14 ක නිරෝධායනයට ලක් කෙරන අතර තවදුරටත් 357ක් විවිධ රෝහල් වල ප්‍රතිකාර ගනු ලැබේ.


    එමෙන්ම, අද දිනයේ දී කිසිඳු ගුවන් යානයක් මඟින් මෙරටට ශ්‍රී ලාංකිකයින් රැගෙන ඒමට කටයුතු නොකළ නමුත් ඉදිරි දින කිහිපය තුළ විවිධ රටවලින් ශ්‍රී ලාංකිකයින් රැගෙන ඒමට නියමිත බවත් ඒ මහතා වැඩි දුරටත් සදහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya