මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පසුගිය දින 18 තුළ කිසිඳු කොවිඩ් වෛරසය අසාදිත පුද්ගලයෙකු සමාජයෙන් හමු වී නෑ

    මැයි 20, 2020

    පසුගිය දින 18 ක කාලය තුළ කිසිඳු COVID – 19 වෛරසය අසාදිත පුද්ගලයෙකු සමාජයෙන් හමු වී නොමැති බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (20) දින COVID - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී ප්‍රකාශ කළාය.

    මේ වන විට සම්පූර්ණ සුවය ලබා පිට වූ රෝගීන් ගණන 587 ක් බව සදහන් කළ අමාත්‍යවරිය 434 දෙනකු රෝහල් ගත කර ඇති බවත් සඳහන් කළාය.

    මේ වන විට වකුගඩු. අබාධිත සහ වකුගඩු රෝගී පුද්ගලයින්ට රුපියල් 5000 ක දීමනාව 797,635 දෙනකුට මැයි මස දීමනාව ලබා දීමට වත්මන් රජය විසින් කටයුතු කොට ඇතැයි ද අමාත්‍යවරිය කියා සිටියාය

    එමෙන්ම මේ දිනවල ඔවුන්ගේ මැයි මස දීමනාව වශයෙන් රුපියල් මිලියන 3,988 ක් ලබා දීමට කටයුතු කරමින් පවතින බවත් රුපියල් 5,000 ක සහනාධාර වශයෙන් පවුල් 5,071,892 කට රුපියල් මිලියන 25,359 ක මුදලක් ඉදිරි දින වල දී ලබා දීමට කටයුතු කරන බවත් ප්‍රකාශ කළාය.

    මෙම සහනාධාර මුදල් ඉදිරි දින කිහිපයේ දී සමෘද්ධි සංවර්ධන නිළධාරීන් මඟින් ලබා දෙන බවත්, පවත්නා සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ජනතාව විශාල වශයෙන් ගැවසීම වැලැක්වීම පිණිස එක් වරකට 100 දෙනකුට බැඟින්   එම මුදල් ලබා දෙන ලෙස උපදෙස් දී ඇති බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya