මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිවාඩු මත දිවයිනට පැමිණ සිටින ශ්‍රමිකයන්ගේ රැකියා සුරක්ෂිත කිරීම

    මැයි 20, 2020

    නිවාඩු මත මව්රටට පැමිණ සිටින විදේශ රැකියාවන්හි නියුතු වූ ශ්‍රී ලාංකිකයින් හට Covid-19 වසංගත තත්ත්වය මත ලොව පුරා පනවා ඇති ගුවන් හා වෙනත් සීමාවන් නිසා පෙරළා තම සේවා ස්ථාන වෙත යාමේ අපහසුතාවයක් ඇත.

     

    මෙම තත්ත්වය මත ඔවුන්ගේ රැකියා අහිමිවීමේ අවදානමක් පවතී. එබැවින් නිවාඩු මත මව් රටට පැමිණ සිටින විදේශ රැකියාලාභීන් ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳ තම හාම්පුතා සමග තොරතුරු හුවමාරු කරගනිමින්, මෙම පවතින බාධක ඉවත්වීමෙන් පසු තම රැකියා අවස්ථාව භාරගැනීමට පැමිණෙන බව දැනුම්දී තහවුරුවක් ලබාගැනීමට කටයුතු කරන මෙන් කාර්යාංශය විසින් විදේශ රැකියාලාභීන්ගෙන් ඉල්ලා සිටී.

    තවද එසේ තම හාම්පුතුන් හා සම්බන්ධ වීමට අපහසු ශ්‍රමිකයන් සිටී නම්, එම රටවල විදේශ තානාපති කාර්යාලයන්හි කම්කරු අංශ වෙත පහත සඳහන් විද්‍යුත් තැපැල් ලිපිනයන් මගින්, තොරතුරු හුවමාරු කරගන්නා ලෙස ඉල්ලා සිටියි. එම තොරතුරු සමග ඔබගේ නම, ගමන් බලපත්‍ර අංකය හා හාම්පුතාට ඇමතිය හැකි දුරකථන අංක ඇතුළත් ඔබගේ තොරතුරු දන්වා සිටින මෙන් කාර්යාංශය ඉල්ලා සිටී.

    එමෙන්ම 'www.slbfe.lk' කාර්යාංශ වෙබ් අඩවියේ මෙම කාර්යය වෙනුවෙන්ම සකස් කොට ඇති 'Migrant workers on vacation' වෙබ් ද්වාරය (web portal) මගින් තම තොරතුරු කාර්යාංශය වෙත ලබාදීම ද සිදුකළ හැකි අතර, එමගින් අවශ්‍ය සහයෝගය ඉල්ලා සිටිය හැක.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya