මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ව්‍යවසායකයන්ගේ ගැටළුවලට විසඳුම් ලබා දීමේ අන්තර්ජාල සජීවී සාකච්ඡා වටයේ පළමුවැන්න සාර්ථකව අවසන්

    මැයි 20, 2020

    ව්‍යවසායකයන්ගේ ගැටළු හඳුනාගනිමින් ඒවාට විසඳුම් ලබා දීමේ අන්තර්ජාල සජීවී සාකච්ඡා වටයේ පළමුවැන්න සාර්ථකව අවසන් වෙයි.

    කොරෝනා වසංගතය හමුවේ මෙරට ව්‍යවසායකයන් මුහුණ දී ඇති ගැටලු හඳුනාගනිමින් ඒවාට විසඳුම් ලබාදීමේ වැඩපිළිවෙළක් මේ වන විට ජාතික ව්‍යාවසාය සංවර්ධන අධිකාරිය විසින් අරඹා තිබේ.එහි පළමු සාකච්ඡාව (19) දින කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සභභාගිත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දි පැවැත්විණි.

    මෙහිදි අන්තර් ජාල සජීවී සාකච්ඡාවක් පැවැත වු අතර ඊට සෞඛ්‍ය හා අනෙකුත් රාජ්‍ය ආයතන ප්‍රධානීන් නියෝජනය කරමින් අමාත්‍යාංශ ලේකම් මොන්ටි රණතුංග, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පබා පලිහවඩන, මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න, අපනයන සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ඩී.එම්.පී දිසානායක යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

    කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසායකයින්ගේ ගැටලු වලට ක්ෂණික විසදුම් ලබා දිමේ වැඩපිළිවෙලක් ලෙසින් ක්‍රියාත්මක විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya