අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කලුගංගා ද්‍රෝණියේ ප්‍රදේශ කීපයකට ගංවතුර අවදානමක්- වාරිමාර්ග දෙපාර්තමේන්තුව

    මැයි 19, 2020

    පසුගිය පැය 24 තුළ කලු ගංගා ද්‍රෝණියට ඉහළ වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් කලු ගංගා වේ සහ අතු ගංගාවල ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත. ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කුරුවිට, අයගම, කිරිඇල්ල සහ ඇලපාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් කලු ගංගා පිටාර තැන්නට අයත් පහත් බිම්වල සුලු ගංවතුර තත්වයන් ඇති වේ යැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

    මෙම කලාපයේ ජීවත් වන ජනතාව ජීවිත සහ දේපළ සුරක්ෂිත කර ගැනීම සදහා ආපදා පෙරසුදානම් ක්‍රියාකාරකම් අනුගමන කරන ලෙසත්, විශේෂයෙන්ම පාසැල් පොත් සහ උපකරණ ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන ලෙසත් නිරංතරයෙන් ඔබ ප්‍රදේශයේ ගංවතුර මට්ටම පිළිබදව අවධානයෙන් සිටිමින් කළින් හදුනාගෙන ඇති සුරක්ෂිත මධ්‍යස්ථාන කරා යාමට සුදානම්ව සිටින ලෙසත් ආපදා කළමනාකරණ මධයස්ථානය ජනවතාවට දැනුම් දේ.

    එසේම මේ පිළිබදව යම් තොරතුරක් හෝ ඔබට අවශ්‍ය සහයෝගයක් සදහා 117 දුරකථන අංකයට දැනුම් දෙන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ජනතාවගෙන් ඉල්ලා සිටී.

    iriga

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya