මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තනතුරු සියල්ල පත් කර ඇත්තේ මෙරට ජාතියේත්, ජාතික ආර්ථිකයේත් යහපත උදෙසායි- අමාත්‍ය බන්දුල ගුණවර්ධන

    මැයි 15, 2020

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් පත් කරන ලද තනතුරු සියල්ල පත් කර ඇත්තේ මෙරට ජාතියේත්, ජාතික ආර්ථිකයේත් යහපත උදෙසා බව උසස් අධ්‍යාපන අමාත්‍ය  ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    පොහොර බෙදා හැරීමේ වැඩසටහන සහ වතුකරයේ අඩු ආදායම්ලාභී ජනතාව සඳහා නව නිවාස වැඩසටහන පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (15)  පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    ඉතිහාසය ගෙන බලන විට අවශ්‍යතාවය අනුව රජයේ විවිධ තනතුරු සඳහා ජනපති අභිමතය පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලය ප්‍රකාරව කටයුතු කර ඇති බවත් රජයේ තනතුරු අමාත්‍යංශවල  තනතුරු සඳහා ජනපති බලය ප්‍රකාරව සුදුසු යැයි තීරණය කර ජනාධිපතිතුමා විසින් පත් කරන ලද පුද්ගලයින් පිළිබඳ ව විපක්ෂය විවිධ චෝදනා එල්ල කිරීමත් මේ දිනවල විවිධ සමාජ මාධ්‍ය  ඔස්සේ ප්‍රචාරය වන පුවත්ස ම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව වැඩිදුරටත් සඳහන් කළේ ය.

    ඉතිහාසයේ සිටම රාජ්‍යයන් කරන්නේ කුමන පක්ෂය ද කුමන රාජ්‍යයන් ද යන්න නොසළකා ඒ ඒ අවස්ථාවල දී විශ්‍රාමික හා හමුදා සේවයේ නියුතු ත්‍රිවිධ හමුදාවේ නිළධාරීන් පත්කොට තිබෙන  බවත් ඒ අනුව, ජනාධිපති තුමා විසින් ජනතාවට වඩා හොඳ මහජන සේවාවක් ලබා දීම අරමුණු කරගෙන මෙම පත් කිරීම් සිදු කර ඇති බව ඒ මහතා මෙහි දී කියා සිටියේය.

     

    එමෙන්ම, වත්මන් රජයට මෙරට වගා කළ හැකි සැම බෝගයක් පිළිබඳව ම පැහැදිලි දැක්මත් තිබෙන බවත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මෙරට නිෂ්පාදනය කළ හැකි මෙන්ම එමඟින් අදායම් හා ජිවන මාර්ග සළසා ගත හැකි බෝග මෙරටට ගෙන්වීම නවත්වා දැමීමත්, ගොවිගේ අස්වැන්න රජය විසින් මිලට ගැනීමට කටයුතු කිරීම හා සහතික මිලක් ලබා දීමට කටයුතු කිරීමත්, කෘෂිකාර්මික හා වගා පාලුවට වන්දි ගෙවීම සහ රක්ෂණ ක්‍රමය ව්ධිමත් කිරීමත් යන කාරණා තුන ක්‍රියාවට නැංවීමට කටයුතු  කර ඇති බව ද කියා සිටි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා, එය මෙරට ගොවීන්ට ඉතාමත් වැසි සහගත වීම නිසා පවතින වසංගත තත්ත්වයේ වුව ද සාමාන්‍ය ලෙස කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ වඩා  හොද ප්‍රවණතාවයක් ගෙන ඇති බව ද කියා සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya