මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහජනයාගේ මුදලින් ගන්නා පොහොරවලින් කළු කඩ පවත්වාගෙන යෑමට ඉඩ දිය නොහැකියි- පොහොර සැඟවීම හෝ වැඩි මිලට අලෙවි කළොත් පොදු දේපළ පනත යටතේ නීතිය ක්‍රියාත්මක කළ හැකියි

    මැයි 15, 2020

    මහජනයාගේ මුදලින් ගන්නා සහනාධාර පොහොරවලින් කළු කඩ පවත්වාගෙන යෑමට ඉඩ දිය නොහැකි බවත් පොහොර සඳහා සම්පූර්ණ වියදම රජය දරන බවත් ඒ නිසා මෙය පොදු දේපළක් බවත් වැඩි මිලට පොහොර අළෙවි කිරීම හෝ ප්‍රධාන පොහොර වර්ග 10 සඟවා තබාගැනීම සිදු කළ හොත් පොදු දේපළ පනතින් කටයුතු කළ හැකි බවත් එය ඇප නොලබන වරදක් බවත් ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ මහේෂ් ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.

     

    පොහොර බෙදා හැරීමේ වැඩපිළිවෙල සම්බන්ධයේ පවතින තත්ත්වය පැහැදිළි කරමින් අද (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී මාධ්‍ය වෙත අඳහස් දක්වමින් ගම්මන්පිල මහතා මේ බව කීය.

    සැලසුම් නැතුව කටයුතු කටයුතු කරනවා කියලා මාධ්‍යවල කියවෙනවා. වසර 2013 සහනාධාර ක්‍රියාත්මක වන විට ප්‍රධාන පොහොර වර්ග හතර යූරියා,එම්.ඕ.පී.ටී එස්.පී ගෙනැල්ලා තියෙන්වා පන් ලක්ෂ හැට නවදහස් පන්සිය විසි හතරක් මෙක්ට්‍රික් ටොන්. වසර 2014 හයලක්ෂ අසු හතර දහස් පනස් පහක් ගෙනැල්ලා තියෙනවා. වසර 2015 දී අටලක්ෂ හැටතුන්දහස් තුන්සිය අසූවක් ගෙනැල්ලා තියෙනවා. ඉන් අනතුරුව සහනාධාර ඉවත්වීමත් සමඟ වසර 2016 දී හාර ලක්ෂ හැත්තෑ පන්දහසයි. වසර 2017 දී තුන් ලක්ෂ හැත්තෑ හයදහස් හත්සිය දා හතයි. වසර 2019 දී නැවත සහනාධාර දෙන විට හය ලක්ෂ හසූ හත් දහස් හත්සිය විසි දෙකයි. මේ වසරේ ඇස්තමේන්තු කර තිබෙන්නේ,මෙක්ට්‍රික් ටොන් හත් ලක්ෂ හැත්තෑ දහසක් පොහොර යයි කියලා.පොහොර භාවිතයේ වැඩි වීමක් සිදු වෙනවා කියන එක පැහැදිළියි.

    2019 දී අපේ ඉලක්කය තිබුණේ,යල් කන්නයේ වී වගාව හෙක්ටයාර හර ලක්ෂයයි. පොහොර අවශ්‍ය වුණේ මෙ.ටොන්.අනූ නව දහසයි. මේ වසරේ වී වලට මිලක් දුන්නා රජය.ඒ සමඟ වී වගාව වැඩි වුණා.අපේ ඉලක්කය ඉහළ ගියා. මේ වනවිට වී වගාවෙන් පන් ලක්ෂ හතළිස් දහසක් එයි කියලා තමයි අප ගණන් බලා තිබෙන්නේ. අනෙකුත් භෝග සම්බන්ධයෙන් දෙලක්ෂ එකොළොස් දහක් ගෙන්න අවසර දී තිබෙනවා. මේ වනවිට මේ මාසයේ 45128ක් ටොන් තිබෙනවා. මෙතැන සිදුව තිබෙන්නේ, පොහොර හිඟයක් නොවේ,යූරියා වල ඉල්ලීමයි. ඊයේ මාධ්‍ය වල යනවා දැක්කා, ටී.එස්.පී සම්බන්ධයෙන්.අපි මඩ පොහොර ලබා දුන්නේ සියයට 50%යි.යූරියා භාවිතය අනෙක් පොහොර වලට වඩා වැඩියි. යූරියා භාවිතය වැඩි වෙන්න අපේ නිරීක්ෂණය වී තිබෙන්නේ,ගොවි ජනතාවට වී වගාවට ලබා දෙන නිර්දේශයට වඩා වැඩි ප්‍රමාණයක් වී වගාවට යූරියා භාවිතා කරනවා. යුරියා ලබා දෙන ප්‍රමාණයට වඩා වෙළඳපොළේ තිබෙන අනෙකුත් භෝගවලට ලබාදෙන යූරියත් මිලට ගෙන භාවිතා කරනවා. ටී.එස්.පී පොහොරවලටත් ඒ තත්ත්වයම ඇති වෙලා. අපිට පොහොර ගෙන්වන්න වෙන්නේ නිර්දේශවලට සහ ලැබී තිබෙන දත්තවලට අනුව පමණයි.

    මෙය කාර්යක්ෂම කිරීමට අප ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.මේ අප්‍රේල් මාසයේ අසීරු තත්ත්වයන් යටතේ,මෙ.ටොන් 25371ක් බෙදා තිබෙනවා. කාර්යක්ෂම බෙදීම සිදු කර තිබෙනවා.ඉල්ලීම
    වැඩි වී තිබෙනවා, අවධානම් මිලදී ගැනීමක් තිබෙනවා. ඒකත් කාරණයක්. මෙහිදී පොහොර සඟවා ගෙන සිටින්නේ දැයි මාධ්‍යවේදියෙකු විමසූ පැනයකට පිළිතුරු ලබාදුන් ගම්මන්පිල මහතා;අප සෑම පොලිස් ස්ථානයකටම දන්වා තිබෙනවා,වැඩි මිලට පොහොර අළෙවි කිරීම හෝ ප්‍රධාන පොහොර වර්ග 10 පොහොර සඟවා තබාගැනීම සිදු කළ හොත් පොදු දේපළ පනතින් කටයුතු කළ හැකියි.

    සෘජු පොහොර ලෙස විකිණිය හැක්කේ රුපියල් 1000කටයි.පාරිභෝගික සේවා අධිකාරිය ඉදිරි සතියක දී මිල පාලනය පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිතයි. පොහොර සඳහා සම්පූර්ණ වියදම දරන්නේ රජයයි. ඒ නිසා මෙය පොදු දේපළක්. පොදු දේපළ යටතේ කටයුතු කළ හොත් ඇප ලැබෙන්නෙත් නෑ. එවැනි දෙයක් වෙනවා නම් අදාළ නීති කටයුතු කරන තැනට පැමිණිලි කරනව නම් හොඳයි. ඒ අවස්ථාවේ දීම අත් අඩංගුවට ගැනීමට හැකියාව තිබෙනවා. එවැනි ස්ථාන හතරක නියෝජිතභාවය අවසන් කිරීමට දන්වා තිබෙනවා.ඊට පසුව පරීක්ෂණ සිදු කරන්නේ. මහජනයාගේ සල්ලිවලින් ගන්නා සහනාධාර පොහොරවලින් කළු කඩ පවත්වාගෙන යෑමට ඉඩ දිය නොහැකියි යැයි ද පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya