මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙරට කෘෂිකර්මාන්තයේ නව පිබිදීමක් ඇති වී තිබෙනවා- බෝග වර්ග 16 ක් වෙනුවෙන් හෙක්ටයාර 88,000 ක් වගා කිරීමට පියවර

    මැයි 15, 2020

    දේශීය ගොවියා නාග සිටුවීම උදෙසා රජය විසින් ආනයනය සිමා කර දේශීය ගොවියාගේ අස්වැන්න සඳහා මිලක් නියම කොට, ගොවියා රක්ෂණය කර, පොහොර ආදිය ලබා දීමට කටයුතු කිරීම හේතුවෙන් මෙරට කෘෂිකර්මාන්තයේ නව පිබිදීමක් ඇති වී තිබෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය ඩබ්.එම්.ඩබ්. වීරකෝන් මහතා කියා සිටි.

    ඒ මහතා මේ බව කියා සිටියේ අද (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු වේ පැවති පොහොර බෙදා හැරීමේ වැඩසටහන සහ වතුකරයේ අඩු ආදායම්ලාභී ජනතාව සඳහා නව නිවාස වැඩසටහන වෙනුවෙන් පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

    පෙබරවාරි වන විට යල කන්නයේ වගා කරන හෙක්ටයාර ලක්‍ෂ හතරක් පමණ වන වී වගාව වර්තමානය වන විට හෙක්ටයාර ලක්‍ෂ පහක ප්‍රමාණයකින් වග කිරීමට කටයුතු කරනු ලබන බව ද, මෙරට වගා කිරීමට නිර්දේශිත කවුපි, බඩඉරිඟු වැනි අතිරේක බෝග වර්ග 16 ක් වෙනුවෙන් හෙක්ටයාර 88,000 ක් මෙවර වගා කිරීමට බලාපොරොත්තු වන බව ද ඒ මහතා පැවසිය.

    එහෙත් ඇති වූ වසංගත තත්ත්වය මත පවතින ආහාර ලබා ගැනීමේ දුෂ්කරතාවය හේතු කොටගෙන ජනතාව කෘෂිකර්මාන්තයට වඩා වැඩි නැඹුරුවක් දක්වා ඇති බවත්, ඒ නිසා සැළසුම් කළ ප්‍රමාණයට වඩා වැඩි බිම් ප්‍රමාණයක් වගා කිරීමට සිදු ව ඇති බවත්, මෙම තත්ත්වය ඉදිරියටත් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු සිදු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    එමෙන්ම, ඉදිරි සති කිහිපය තුළ මෙරට පොහොර ගැටලුවට විසඳුම් ලබා දීමට හැකිවනු ඇතැයි ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් මද්දුම බණ්ඩාර වීරසේකර මහතා එහි දී අදහස් දක්වමින් කියා සිටියේය.

    මද්දුම බණ්ඩාර වීරසේකර මහතා මෙසේ ද පැවසිය;
    “මෙතෙක් රජය නොමිලේ ලබා දෙන වී පොහොර ලබා දීමේ වගකීම ලබා දී ඇත්තේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පමණයි. මක්නිසාද යත් සහනාධාර පොහොර සහ මිලට දෙන පොහොර එක තැනකින් ලබා දීම හොද මුලධර්මයක් නොවන නිසා. කෙසේ වෙතත් මේ වන විට 98% ට වඩා සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා නිර්දේශිත පොහොර ලබා දි අවසන් කර තිබෙනවා.

    එහෙත් විවිධ මාධ්‍යන් ඔස්සේ මිනිසුන් කාරණා කිහිපයක් කියමින් මෙරට පොහොර නැති බව පෙන්වා දෙනවා. ඊට එක් හේතුවක් වන්නේ අතිරේක බෝග සදහා වර්ග වලට පොහොර ලබා දීමට නියමිතව තිබුණේ පුද්ගලික සමාගම් සහ පුද්ගලික අලෙවිසැල් මඟින්. කොරෝනා වසංගතය හේතුවෙන් කොම්පැණි වල ක්‍රියාකාරිත්වය යම් මට්ටමකට අඩපණ වෙලා තිබෙනවා. නිළධාරීන් 20% ක් පමණ සේවයට යෙදෙව්වේ. ඒ වගේම අලෙවි සැල් ඇදිරිනීතිය නිසා වසාදැමීමට සිදු වුණා.

    එනිසා ගොවීන්ට පොහොර ලබා ගැනීමට නොහැකි වුණා. අත්‍යවශ්‍ය සේවාවක් නිසා ගොවිජන සේවා මධ්‍යස්ථාන විවෘත කර තිබුණ නිසා ගොවින් ඒ සදහා රැස් වූවා. එහෙත් ඒ අවස්ථවේ දී පැවතියේ ලබා දීමට නියමිතව තිබු වී වගාව සදහා වූ පොහොර පමණයි.”

    එනිසා අමාත්‍යංශ සමඟ සාකච්ඡා කොට අතිරේක පොහොර මේ අවස්ථාවේ දී ලබා දෙන ලෙස කළ ඉල්ලීම නිසා මෙම මාසය මුල දී ඊට අවසරය ලැබුණු බවත් මේ වන විට ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හරහා අතිරේක බෝග සදහා වූ පොහොරත් ලබාදිමට කටයුතු කරමින් පවතින බවත්, එහෙත් පවතින අවස්ථාවේ දී ලබා දීමට ප්‍රාග්ධනය තමන් සතුව නොමැති නිසා ගොවිජන සේවා හරහා ගොවීන්ට ණය ලබා දී කාරක සභාවල තිබු ස්ථාවර තැන්පතු වල මුදල් ලබා ගනිමින් මෙන්ම ගොවීන්ගෙන් මුදල් ලබා ගෙන පොහොර සමාගම් වලට පොහොර සදහා මුදල් ගෙවීම් කළ බවත්, මෙම කටයුත්ත සාර්ථක ව කරගෙන යන අබ්වත් කියා සිටි ඒ මහතා ඉදිරි සති කිහිපය තුළ දී පවත්නා පොහොර ගැටලුවට යම් විසදුමක් ලබා දීමට හැකි වනු ඇති බව තමා බලාපොරොත්තු වන බවත් කියා සිටියේය.

    එමෙන්ම, දිවයින පුරා පිහිටා ඇති ගොවිජන සේවා මධ්‍යස්ථාන 562 ක් හරහා, බිත්තර වී සැපයීම, රෝපණ ද්‍රවය, පොහොර ලබා දීම, ගොවීන්ගේ නීතිය ක්‍රියාත්මක කරවීම වැනි ගොවිජනතාවට අවශ්‍ය යෙදවුම් ලබා දීමට කටයුතු කරන අතර, වැව් අමුණු ප්‍රතිසංස්කරණය කිරීම, ගොවි සංවිධාන සමඟ කටයුතු කිරීම වැනි විශාල වැඩකොටසක් මෙමඟින් සිදු කෙරෙන බවත් ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේය.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya