මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සියලුම ආගම්වල සහ ජනවාර්ගික කණ්ඩායම්වල ජාතික උරුමයන් ආරක්ෂා කරන බවට ආරක්ෂක ලේකම් සහතික වෙයි

    මැයි 15, 2020

    පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික ස්ථාන විනාශ කිරීම්වලට සහ ආක්‍රමණය කිරීම්වලට එරෙහිව දැඩි පියවර ගන්නා බව පවසයි


    පුද්ගල සහ සංවිධානාත්මක කණ්ඩායම් විසින් සිදුකරනු ලබන විනාශයන්ගෙන් සහ ආක්‍රමණයන්ගෙන් පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික වටිනාකමකින් යුතු ස්ථාන ආරක්ෂා කිරීමට මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සහතික විය.

    නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ ‘මුහුදු මහා විහාරය’ සහ ‘දීඝවාපිය’ පුරාවිද්‍යාත්මක ස්ථාන වෙත (මැයි 14) දින පැමිණි අවස්ථාවේදී ගම්වැසියන් හා බෞද්ධ හිමිවරුන් කිහිප දෙනෙකු මුණගැසුණු අවස්ථාවේදී ඔහු මේ බවට සහතිකය විය.

    රටේ පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික ස්ථාන ගණනාවක් පෙර නොවූ විරූ පරිදි ආක්‍රමණයන්ට සහ විනාශකාරී ක්‍රියාවන්ට ගොදුරු වීම පිළිබඳ මෑත කාලීනව මාධ්‍ය මගින් සහ සමාජ මාධ්‍ය ජාලා වල පල වූ පුවත් වාර්තා වලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙම සංචාරය සිදුකරන ලදී.

    “හිතාමතාම හෝ වෙනයම් ආකාරයකින් ජාතික උරුමයන්ට සිදුකරනු ලබන හානිය අනුමත නොකරන අතරම පවත්නා නීතිරාමුව තුළ වැරදිකරුවන් නීතිය හමුවට ගෙන ඒමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නවා” ආරක්ෂක ලේකම් පැවසීය.

    ආගම හා ජනවාර්ගිකත්වය නොසලකා රටේ අනාගත පරම්පරාවේ යහපත උදෙසා ජාතික උරුමයන් වන පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික වටිනාකමක් ඇති ස්ථාන ආරක්ෂා කරන බව ඔහු නැවත අවධාරණය කළේය.

    “පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ඇතැම් පුද්ගලයින් සහ කණ්ඩායම් විසින් පුරාවිද්‍යා වටිනාකමක් සහිත ස්ථාන වලට සිදු කරන ලද විනාශයන් සහ ආක්‍රමණයන්හි වැඩි වීමක් දක්නට ඇත. සමහර පුද්ගලයින් එම ස්ථාන වලට හානි කරන බවත්, නීතිය ක්‍රියාත්මක වෙමින් තිබියදීද සමහර වැදගත් ආගමික ස්ථාන ආක්‍රමණය කරන බව දැන ගැනීමට ලැබීම අවාසනාවකි” ඔහු පවසා සිටියේය.

    මෙම සංචාරය සදහා ආරක්ෂක ලේකම් සමග නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා. ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, වැඩබලන පොලිස්පති සී.ඩි. වික්‍රමරත්න සහ නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු එක් වුහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya