මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට ලිහිල් කිරීමත් සමඟ කොවිඩ් 19 රෝගය පාලනය කිරීමේ ක්‍රියාදාමය දිගටම ගෙන යා යුතුයි - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

    මැයි 11, 2020

    දැන් අපි ගෙවන්නේ පූර්ව පශ්චාත් කොවිඩ් සමයයි රට ලිහිල් කිරීමත් සමඟ කොවිඩ් 19 රෝගය පාලනය කිරීමේ ක්‍රියාදාමය දිගටම කරගෙන යා යුතුයි බව- සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

    මැයි 11 දින රට විවෘත කරමින් ජන ජීවිතය යථාවත් කිරීම පිළිබද අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඊයේ (10) දින මාධ්‍ය හමුවේ මේ බව පැවසීය.

    එහිදී තවදිරටත් අඳහස් දැක්වූ අනිල් ජාසිංහ මහතා,

    රට ලිහිල් කිරීමත් සමග කොවිඩ් 19 රෝගය පාලනය කිරීමේ ක්‍රියාදාමය දිගටම කරගෙන යා යුතුයි. කොවිඩ්- 19 සම්බන්ධයෙන් රට තුළ පැවති සීමා යම්කිසි ප්‍රමාණයකට නිදහස් කිරීමට නියමිත අතර පූර්ව කොවිඩ් 19 සමය තුළ ජීවත් වුණු ආකාරය ජනතාව හොදින් දන්නා අතර දැන් අපි ගෙවමින් සිටින පූර්ව පශ්චාත් කොවිඩ් සමය තුළද පෙර ජීවත් වූවාට වඩා වෙනත් අයුරකින් ජීවිතය හැඩගස්වාගැනීමට සියල්ලන්ටම සිදුවෙනවා. මෙහිදී අපගේ ශබ්දකෝෂයට මෙතෙක් නොතිබූ වචන කීපයක් මෙන්ම අපගේ සමාජ ජීවිතයට ආගන්තුක වූ වචන සහ ක්‍රියාකාරකම් කීපයක් මෙම කෝවිඩ් වසංගතයත් සමග ඒකතු වන්නට වුණා.

    මේ ලිහිල් කිරීමත් සමග අන්වාර්යයෙන් කෝවිඩ් 19 රෝගය පාලනය කිරීමේ ක්‍රියාදාමය තවදුරටත් කරගෙන යා යුතු වන්නේ කෝවිඩ් 19 රෝගය සම්පූර්ණයෙන් ලංකාවෙන් තුරන්වීමක් සිදුවී නොමැති වීම සහ ඒ් සදහා විශාල කාලයක් ගතවනු ඇති නිසයි. ඒසේනම් පසුගිය මාස දෙක තුනක කාලය තුළ අපි උපයාගත් යම්කිසි ක්‍රමවේදයන්, යම්කිසි චර්යාත්මක වෙනස්කම් ආදිය දිගින් දිගටම පවත්වාගෙන යා යුතු වනවා. මේ සදහා සෞඛ්‍ය අංශය විසින් සකස් කර ඇති මාර්ගෝපදේශ, නීතිගත කොට ඇති කරුණු, නිරෝධායන පනත යටතේ තවදුරටත් ක්‍රියාත්මක වෙනවා.

    ඒ් නිසා ඒ් පිළිබද සැලකිලිමත් වීමේදී රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන, විශාල ව්‍යාපාර, කුඩා ව්‍යාපාර වගේම ප්‍රවාහන අංශය සහ සමස්ථ සමාජය ඒ් ගැන අවබෝධයෙන් යුතුව කටයුතු කළ යුතුයි. ඒ් වගේම ඒහිදී යම් ආකාරයකට රෝගීන් හමුවෙන්න පුළුවන්. ඒවැනි තත්ත්ව තුළ ඒසේ රෝගීන් හමුවුවහොත් ඒ් අවස්ථාවන් වලදී ක්‍රියාත්මක විය යුතු ආකාරයට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ඒම අවශ්‍ය පියවර ඉදිරියටත් ගනු ලබනවා. ඒ් නිසා තවදුරටත් ඔබට උණ, කැස්ස, ශ්වසන අපහසුතා පවතී නම් කරුණාකර සෞඛ්‍ය අංශය විසින් නම් කර ඇති අයිසියුලේෂන් ඒ්කක පවතින රෝහල් 30න් ඒකකට ඇතුළු වන්න. ඒසේ නැතිනම් 1390 ට හෝ 1999 ට දුරකතන ඇමතුමක් ලබාදී කෝවිඩ් සදහා ප්‍රතිකාර ලබාගැනීමේ පද්ධතියට ප්‍රවේශ වන්න යැයි ද පැවසීය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya