මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හෙට සිට ඇරඹෙන සතිය තුළ සෑම පුරවැසියෙකුම කෝවිඩ් ආසාදිතයෙකු නොවන පරිදි ජීවත් වීමට වගබලාගත යුතුයි

    මැයි 10, 2020

    හෙට සිට ඇරඹෙන සතිය තුළ සෑම පුරවැසියෙකුම කෝවිඩ් ආසාදිතයෙකු නොවන පරිදි ජීවත් වීමට වගබලාගත යුතුබව යුධහමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    හෙට දින (මැයි 11) සිට ජනජීවිතය යථාවත් කිරීමත් සහ ජනතාව හැසිරිය යුතු ආකාරය පිළිබද අද (10) දින මාධ්‍යයට අදහස් දක්වමින් යුධහමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව පැවසීය.

    හෙටින් ඇරඹෙන සතිය ආරම්භයත් සමග සෑම පුරවැසියෙකුම කොවිඩ් ආසාදිතයෙකු නොවන අයුරින් ජීවත් වීමට වගබලාගත යුතුයි. හමුදාපතිවරයා ප්‍රකාශ කළ, පරිදි ඊයේ දිනයේ ආසාදිතයින් 12ක් වාර්තා වුණු අතර ඉන් 10ක්ම ශ්‍රී ලංකා නාවික හමුදාවේ වීරෝධාර රණවිරුවන් බවයි.

    තවත් දෙදෙනෙක් වීරෝධාර රණවිරුවන් ළගින් ඇසුරු කළ පුද්ගලයන් වන අතර ඔවුන් නිරෝධානයට ලක්කරමින් සිටියදී පී.සී.ආර් පරීක්ෂණ වලින් රෝගීන් බවට තහවුරු විය.
    ඒ් අනූව මේ වන විට ආසාදිතයන් වශයෙන් 578 දෙනෙකු රෝහල් වල ප්‍රතිකාර ලබයි. ඒමෙන්ම 259 දෙනෙකු ප්‍රතිකාර ලබා සම්පූර්ණ සුවය ලැබීම හේතුවෙන් පිටව ගොස් සමාජය හා ඒකවී සිටිනවා.

    ශ්‍රී ලංකන් ගුවන්යානයක් මගින් අද(10) දින ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ සිට 272ක් ශ්‍රී ලංකාවට රැගෙන ආ අතර ඔවුන් සියලුදෙනාම යුධහමුදාව යටතේ නිරෝධායනය සදහා යොමු කර ඇත.

    ඒමෙන්ම අද සවස්භාගයේද ශ්‍රී ලංකන් ගුවන් යානයක් මගින් මැලේසියාවේ සිට ශ්‍රී ලාංකිකයන් පිරිසක් මෙරටට රැගෙන ඒ්මට නියමිතය.
    හෙට ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක වල රාජ්‍ය හා පෞද්ගලික ආයතන යම් කිසි සීමාවන් වලට යටත්ව විවෘත කිරීමට නියමිත බව පැවසූ යුධහමුදාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ තවදුරටත් ඇදිරි නීතිය පවත්වාගෙන යනු ලබන දිස්ත්‍රික්ක සබැදිව දැනුම් දීමට ජනාධිපති කාර්යාලය සවස් වරුවේ කටයුතු කරනු ඇති බවයි.
    ඒම ඇදිරිනීතිය පවත්වාගෙන යනු ලබන දිස්ත්‍රික්ක තුළ වුවද රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වල ආයතන ප්‍රධානීන්ට පසුගිය සතිදෙක මුළුල්ලේම ආයතන පවත්වාගෙන යායුතු ආකාරය පිළිබදව දැනුම්දුන් බවයි.
    උදාහරණයක් වශයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ආයතන වල පිරිස තුනෙන් ඒකක් වන පරිදි පවත්වාගෙන යාමට දැනුම්දුනි. ඒලෙස පවත්වාගෙන යන්නේ කෙසේද? අවම පිරිසක් යටතේ ආයතනය පවත්වාගෙන යන්නේ කෙසේද යන්නත් ඒහිදී පසුගිය සති දෙක තුළ උපදෙස් ලබාදෙමින් සැලසුම් සකසා ගැනීමට ආයතන ප්‍රධානීන්ට අවස්ථාව ලබාදුනි. ඒ් අනූව ඒම ප්‍රධානීන් මෙම කරුණු පිළිබදව සිය සේවකයින් දැනුවත් කර හෙට සිට අවශ්‍යතාවය මත පමණක් සිය සේවකයන් සේවයට සම්බන්ධ කරගනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරන බව යුධහමුදාපතිවරයා ප්‍රකාශ කළේ ය.

    පෞද්ගලික සහ රාජ්‍ය ආයතන වලදී ඔවුන් මොන අයුරින් සෞඛ්‍ය උපදෙස් අනූව කටයුතු කළ යුතුද යන්න උපදෙස් පත්‍රිකා පවා ලබා දුන් අතර ඒ් අනූව රැකියා කරන ස්ථාන වල නියමිත පිරිස් ප්‍රමාණ පවත්වාගැනීම සිදුකිරීම, නියමිත දුරස්ථභාවය පවත්වාගැනීම, ප්‍රවාහන පහසුකම් ලබාගැනීමේදී නියමිත දුරස්ථභාවය පවත්වාගනිමින් ආරක්ෂිතව ජනතාව කටයුතු කරනු ඇතැයි අපේක්ෂ කෙරේ.

    ඒමෙන්ම ඇදිරිනීතිය පවතින ප්‍රදේශ වලද ජනතාවට කටයුතු කිරීමට යම්කිසි ක්‍රමවේදයක් හදුන්වාදී ඇත. ඒනම් ඔවුන්ගේ හැදුනුම්පතෙහි අවසන් අංකයට අනූව ළගම පවතින වෙළදසැල් පාමසි ආදියට ආහාර ද්‍රව්‍ය සහ බෙහෙත් ලබාගැනීම සදහා යා හැකි පිරිස් කවුරුන්ද යන වග මීට පෙර ජනතාව දැනුවත් කර ඇත. ඒ් අනූව පමණයි ඔවුන් යා යුත්තේ. ඒසේ නොමැතිව ඒම දිස්ත්‍රික්ක වල ජනතාව පාරට බැස ගමන් වල නිරත වීම කිසිසේත් අපේක්ෂා නොකරන අතර ගිය සතිය තුළ රටෙහි බහුල වශයෙන් විවෘත වූ අනෙකුත් ප්‍රදේශ වල යම් යම් සීමාවන් යටතේ ඒම දිස්ත්‍රික්ක වල කටයුතු පවත්වාගෙන යනු ලබනවා. රාජ්‍ය සහ පෞද්ගලික ප්‍රවාහන පහසුකම් සැලසීම සිදුවන්නේ සේවයට වාර්තා කිරීමට අත්‍යවශ්‍ය පිරිසට රාජකාරියට යෑමට පමණක් වන අතර කිසිවෙකුගේ පෞද්ගලික කාරණා වලට නොවන බව මෙහිදී අවධාරණය කරයි. ඒසේ නිවැරදි ලෙස ප්‍රවාහන පහසුකම් භාවිතා කළහොත් දුරස්ථභාවය පවත්වාගැනීමට හැකියාව සැලසෙනු ඇත. මෙහිදී යුධ හමුදාපතිවරයා අවධාරණය කරසිටියේ ශ්‍රී ලාංකික ජනතාව පසුගිය කාලය පුරාවටම කැපකිරීම් විශාල ප්‍රමාණයක් කළ බවයි. ඒනිසා හෙටින් ඇරඹෙන සතිය තුළ සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුම කෝවිඩ් ආසාදිතයෙකු නොවී සිටීමට වග බලාගත යුතු වෙයි. ඒය ඔබගේ යුතුකමක් සහ වගකීමකි. මාර්ගයට පැමිණීමේදී ලබාදුන් උපදෙස් අනූව කටයුතු කිරීම ඉතාම වැදගත් බව සඳහන් කළේ ය.

    ඒමෙන්ම අවසන් වශයෙන් යුධහමුදාපතිවරයා ජනතාවගෙන් මෙහිදී ඉල්ලා සිටියේ ශ්‍රී ලංකා පොලීසියට, ත්‍රිවිධ හමුදාවට සහ සිවිල් ආරක්ෂක බලකායට ඔවුන්ගේ රාජකාරීන් සඳහා සහයෝගය ලබාදෙන ලෙසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya