මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයදුම්පත් යොමු කළ රාජ්‍ය සේවකයින් හා පෞද්ගලික අංශයේ සේවකයින්ට පමණක් හෙට (11) සිට දුම්රිය භාවිතා කළ හැකියි - වර්ණ 5 කින් යුක්ත ටෝකනයක් හඳුන්වා දෙයි

    මැයි 10, 2020

    දුම්රිය ගමන් පහසුකම් ලබාගැනීම සඳහා අන්තර් ජාලය ඔස්සේ අයදුම්පත් යොමු කළ රාජ්‍ය සේවකයින් හා පෞද්ගලික අංශයේ සේවකයින්ට පමණක් හෙට (11) සිට දුම්රිය භාවිතා කළ හැකි බවත්,අනෙක් කිසිවෙකු සඳහා දුම්රිය භාවිතා කළ නොහැකි බවත්, දුම්ර්ය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරි ඩිලන්ත ⁣ප්‍රනාන්දු මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

    මෙහි දි අදහස් දැක් වු ප්‍රනාන්දු මහතා, මේ වන විට රාජ්‍ය ආයතන හා ⁣පෞද්ගලික ආයතන වලින් ⁣2800 ක ප්‍රමාණයන් අයදුම්පත් ලැබි ඇති බවත් ඒ අනුව හෙට (11) සිට කාර්යාල දුම්රිය 10 ක් යෙදීමට බලාපොරොත්තු වන බවත් පැවසීය.

    එසේම සියලු ම දුම්රිය මඟින් සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කෙටි පණිවිඩයක් (SMS) මඟින් තම දුරකතනයට තමාගේ අසුන් අංකය හා දුම්රිය පෙට්ටි අංකය ලබා දී ඇති අතර ඒඅනුව ලබා දී ඇති අසුනේ පමණක් දුම්රිය මගින් අසුන් ගත යුතු වේ . දුම්රිය ස්ථානය ඇතුල්විමේ දෑත් සේදීම,ශරීර උෂ්ණත්වය මැනීම,කකුල් පිස දැමීම සදහා පාපිසි ආදි සියලු ම පහසුකම් දුම්රිය ස්ථානයෙන් ලබා දෙන බව ද කීය.

    මීට අමතරව,එක් එක් දිනයන් සදහා වර්ණ 5 කින් යුක්ත ටෝකන් ලබා දී ඇති අතර එම ටෝකනය දුම්රිය ප්‍රවේශ පත්‍රය ලෙසින් සැලකෙන බව ද සාමානාධිකාරිවරයා පවසයි.එසේම කොළඹට පැමිණෙන දුම්රිය මඟින් ආපසු නිවෙස් බලා යාමේ දී,ඇති වන තදබදයේ දී හඳුනා ගැනීමේ පහසුව සදහා මෙම ටෝකය භාවිතා කෙරේ.

    එසේම මෙම ටෝකය සතියක කාල සීමාවක් සදහා වලංගු වන ඉදිරි සති සදහා නැවත ලියාපදිංචි වියයුත වේ.එය දුම්රිය දෙපාරත්තමෙන්තුවේ වෙඩු අඩවියට පිවිසීමෙන් ලියාපදිංචි විය හැක.
    එසේම,ආසනයන් වෙන් නොකර පුද්ගලියන් සඳහා දුම්රිය ස්ථානයට පැමිණමෙන් වළකින ලෙසින් දැන් වු සාමානාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා,රැකියාවට පැමිණෙන සේවකයින් සදහා පමණක් දුම්රිය ධාවනය වන බව දන්වා සිටියේ ය

     එසේම,කොළඹ,මරදාන,කොටුව යන දුම්රිය ස්ථාන සදහා කැමරා කවි කර තිබේ.මෙම සේවාවන් සඳහා ආධාර වශයෙන් ලැබුණ පරිත්‍යාගයන් වන අතර රජයේ කිසිදු මුල්‍ය වියදමක් නොමැති බව ද දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් කීය.

     

     

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya