මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුරාබදු බලපත් හිමි ස්ථාන වසා දැමීමේ නීතිය එලෙසම තවදුරටත් ක්‍රියාත්මකයි

    මැයි 10, 2020

    තවදුරටත් සුරාබදු බලපත් හිමි ස්ථාන වසා දැමීමේ නීතිය එලෙසම ක්‍රියාත්මක වන බව සුරබදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි.

     

    මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් මේ බව සඳහන් කළේ ය.

    සියලු මත්පැන් විකිණීමේ බලපත්‍ර ඇති ස්ථාන නැවත දැනුම් දෙන තුරු වසා තැබීමට නියෝග කළා.මේ අනුව ඇදිරි නීතිය බලපැවැත් වූ සමස්ත කාලය තුළ බලපත්‍ර තිබූ ස්ථාන පැවැතියේ වසා තැබුණු තත්ත්වයකයි. සඳුදා එම කාල සීමව තුළ සුරාබදු බලපත්‍ර හිමි ස්ථාන සම්බන්ධයෙන් විමසීම් කරනවා. මෙහිදී පැහැදිළි කළ යුතුයි, ඇදිරි නීතිය විධිවිධාන යටතේ නොවෙයි,සුරබදු බලපත් හිමි ස්ථාන වසා දැමීමට නියෝග කළේ.ඒ නිසා ඇදිරි නීතිය ඉවත් කළ සමඟම ස්වයක්‍රීයව සුරබදු බලපත් හිමි ස්ථාන වසා තැබීම ඉවත් වන්නේ නෑ.තවදුරටත් සුරාබදු බලපත් හිමි ස්ථාන වසා  දැමීමේ නීතිය එලෙසම ක්‍රියාත්මක වෙනවා, රජය විසින් ඒ සඳහා විශේෂ නියෝගයක් ලබාදෙන තෙක්. ඒ අනුව රජය විසින් දෙනු ලබන නියෝග දිවයින පුරා ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා යැයි ද කපිල කුමාරසිංහ මහතා පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya