මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිත්‍යානුකුල නොවන ආකාරයට සහ කිසිඳු අයුරකින් මුදල් නාස්තිකාර ලෙස වැය කොට නෑ- අමාත්‍ය බන්දුල ගුණවර්ධන

    මැයි 09, 2020

    වර්තමාන රජය මඟින් කිසිඳු ආකාරයක ණය සිමාව ඉක්මවා ගොස් නැති බවත්,නිත්‍යානුකුල නොවන ආකාරයට සහ කිසිඳු අයුරකින් මුදල් නාස්තිකාර ලෙස වැය කොට නොමැති බවත් උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ සාකච්ඡාවේ දී කියා සිටියේය.

    ඒ අනුව ආණ්ඩුවක් එදිනෙදා පවත්වාගැනීමට අවශ්‍ය වියදම පියවා ගැනීමට ප්‍රමාණවත් අදායමක් නොලැබෙන බවත් නිදහසෙන් පසු සෑම වර්ෂයක දී ම කුමන රජයක් ආණ්ඩුව පවත්වාගෙන ගිය ද හිඟයක් පවතින බවත්, ණය ලබා ගෙන එකී හිඟය පියවා ගැනීම සිදු කරනු ලබන බවත්, එහෙත් වර්තමාන රජය විසින් එකී ණය සිමාව ඉක්මවා නොමැති බව මෙහි දී කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේය.

    එමෙන්ම කැබිනට් මණ්ඩලය විසින් ලක්‍ෂ සංඛ්‍යාත ගණනක් වැය කොට මෙරටට වාහන ගෙන්වීමට කටයුතු කරනු ලබන බව දක්වමින් කැබිනට් පත්‍රිකාවක් අනුමත කරගෙන ඇති බවට විවිධ මාධ්‍යයන් ඔස්සේ විවිධ පුද්ගලයින් අසත්‍ය ප්‍රචාර ගෙන යනු ලබන බවත්, එවැනි දෙයක් කිසිසේත්ම කිරීමට කටයුතු කර නොමැති බවත් ප්‍රකාශ කර සිටි ඒ මහතා විසින් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය ආරම්භයේ සිටම පෙර පැවති රජයන් මෙන් නොව අනවශ්‍ය මුදල් වියදම් අවම කිරීම සඳහා ප්‍රායෝගික යථාර්තවාදී විසඳුම් ලබා දීමට කටයුතු කරනු ලබමින් පවතින බව අවධාරණය කර සිටියේය.

    මේ වන විට ආරක්ෂක අංශ, සෞඛ්‍ය නිළධාරීන්, සමෘද්ධි,කෘෂි පර්යේෂණ සහ ග්‍රාමසේවක නිළධාරීන් ඇතුළු විවිධ අංශ මෙරට කොරෝනා වෛරසය මර්දනය කරමින් රාජ්‍ය යාන්ත්‍රණය පවත්වාගෙන යමින් මිනිස් ජිවිත බේරාගැනීමට කටයුතු කරමින්, ජනතාවට සහන සලසමින් සිටින අසීරු අවස්ථාවක, මෙවැනි අසත්‍ය අසාධාරණ චෝදනා එල්ල කිරීම නොවටිනා බවත් කියා සිටි ඒ මහතා, ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා මෙන්ම භාර කාර ආණ්ඩුව හට හදිසි නීතිය යටතේ රට පාලනය කිරීමේ කිසිඳු අවශ්‍යතාවයක් රජයට නොමැති බවත් සඳහන් කර සිටියේය.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya