මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමස්ත රෝගීන් පිළිබඳව විශ්ලේෂණය කිරීමේ දී මත්කුඩු හා මත්ද්‍රව්‍ය භාවිතය තුළින් වෛරසය ව්‍යාප්තිය වැඩි වීමට හේතු වෙලා- නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ

    මැයි 01, 2020

    COVID-19 ව්‍යාප්තිය සම්බන්ධයෙන් සළකා බැලීමේ දී මෙතෙක් වාර්තා වූ 648 ක් පමණ වූ සමස්ත රෝගීන් පිළිබඳව විශ්ලේෂණය කිරීමේ දී මත්කුඩු හා මත්ද්‍රව්‍ය භාවිතය තුළින් වෛරසය ව්‍යාප්තිය වැඩි වීමට හේතු වී ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා COVID - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී ප්‍රකාශ කර සිටියේය.

    අසාදිත මුළු රෝගීන්ගෙන් 14 දෙනකුම මෙලෙස මත්කුඩු,මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටි පුද්ගලයින් බව අනාවරණය වී ඇති බවත් ඒ මහතා මෙහි දී ප්‍රකාශ කර සිටියේය.

    විශේෂයෙන් ජා -ඇල  සුදුවැල්ල ප්‍රදේශයෙන් ඇති වූ තත්ත්වය කරණ කොට ගෙන මත්කුඩු වලට ඇබ්බැහිවූවන් හරහා නාගලගම් විදියට ව්‍යාප්ත වූ බවත්, ඉන් කෙසෙල්වත්ත ගුණසිංහපුරට ව්‍යාප්ත වූ බවත් එමඟින් පොකුරු වශයෙන් ආසාදිතයින් නිර්මාණය වූ බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයා කරුණු අනාවරණය කරමින් කියා සිටියේය.

    මෙම තත්ත්වය පාලනය කර ගැනීම සඳහා විශේෂයෙන්ම ජනතාවගේ සහාය අවශ්‍ය වන බවත්, වතු ආශ්‍රිතව, මහල් නිවාස ආශ්‍රිතව, සිටින ජනතාවගෙන් තම නිවසට බාහිර පුද්ගලයින් පැමිණ නවාතැන් ගෙන සිටි නම් ඒ පිළිබඳව කිසිඳු ලෙසකත් ඉඩ ලබා නොදෙන ලෙසත් අජිත් රෝහණ මහතා ඉල්ලා සිටි.

    එමෙන්ම, වතු ආශ්‍රිතව, මහල් නිවාස ආශ්‍රිතව එසේ පැමිණෙන අයවළුන් පිළිබඳව ළඟම ඇති පොලිස් ස්ථානයට හා මහජන සෞඛ්‍ය නිළධාරීන් වෙත දැනුම් දෙන ලෙසත් අජිත් රෝහණ මහතා ජනතාවට දැනුම් දී සිටි. එසේ වගකිව යුතු පුද්ගලයින්ට දැනුම් දීමකින් තොරව නාදුනන පුද්ගලයින්ට දිනකට හෝ යම් කිසි කාලයකට නවාතැන් සපයන නිවෙස් හිමිකරුවන් හට නිරෝධායන නීතින් මෙන්ම, පොලිස් අඥා පනත යටතේ නීතිමය වශයෙන් කටයුතු කරනු ලබන බවත්, එය වතු ආශ්‍රිතව, මහල් නිවාස ආශ්‍රිතව පමණක් නොව රටේ අනෙකුත් ප්‍රදේශ වලට ද වලංගු වන
    බවත් ඒ මහතා වඩාත් අවධාරණයෙන් ප්‍රකාශ කර සිටි.

    එපමණක් නොව පසුගිය මාර්තු 11 දින හමු වූ වෛරස අසාදිත රෝගියාගෙන් අනතුරුව මෙරට සිටින වෛරසය අසාදිත සමස්ථ රෝගීන් ගෙන සළකා බැලීමේ දී එම රෝගීන් සියල්ල නිර්මාණය වී ඇත්තේ පොකුරු (Clusters) වශයෙන් බවත්, එවැනි ප්‍රධාන පොකුරු 31 න් බවට අනාවරණය වී ඇත.

    මෙරට රාජ්‍ය බුද්ධි සේවය මඟින් සිදු කෙරෙන විශේෂ අනාවරණය කර ගැනීම් හේතුවෙන් මෙම පොකුරු පිළිබඳව අනාවරණය කර ගැනීමට හැකිව ඇති බව කියා සිටි ඒ මහතා මෙම ප්‍රධාන පොකුරු (Clusters) 31 න් දැනට සක්‍රියව පවතින්නේ පොකුරු (Clusters) 04 ක් බවටත්, ඉතිරි පොකුරු (Clusters) 27 දැනට අකර්මණ්‍ය තත්ත්වයට පත්ව ඇති බවත්, සක්‍රියව පවතින පොකුරු (Clusters) 04 න් 03 කම අක්‍රිය වෙමින් පවතින බවත් මෙහි දී අනාවරණය කර සිටියේය. විශේෂයෙන්ම සෞඛ්‍ය බළධාරීන්, මෙරට ආරක්ෂක අංශ, අනිකුත් රාජ්‍ය නිළධාරීන්ගේ කැප වීම මත මෙවැනි පොකුරු (Clusters) අකර්මණ්‍ය කර ගැනීමට හේතු වී ඇති බවත් ඒ මහතා මෙහි දී කියා සිටියේය.

    නැවත නැවතත් මෙවනි පොකුරු (Clusters) නිර්මාණය වීම වැලැක්වීම සඳහා ජනතාව විසින් තවදුරටත් සමාජ දුරස්ථ භාවයෙන් යුතුව කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් වේ. ඇඳිරිනීතිය පවත්නා අවස්ථාවේ අත්‍යවශ්‍ය හේතුන් මත පමණක් හැරෙන්නට නිවසින් පිටතට නොපැමිණෙන ලෙසත් අජිත් රෝහණ මහතා මහජනතාවගෙන් නැවතත් ඉල්ලා සිටී.

     

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya