මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සහිත පාසල් ලේඛන ඔන්ලයින් (online) ක්‍රමයට

    අප්‍රේල් 30, 2020

    නව කොරෝනා (කොවිඩ් 19) වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් රට තුළ දැනට උද්ගතව ඇති තත්වය සැලකිල්ලට ගෙන සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ ද උපදෙස් වලට
    අනුකූලව මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සහිත පාසල් ලේඛන ඔන්ලයින් (online) ක්‍රමයට ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විභාග දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇත.

     
    සියළු පළාත් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත ඊට අදාල පරිශීලක පද (USER NAME ) හා මුර පද (PASSWORD) ලබාදීමේ සමාරම්භක අවස්ථාව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ
    කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් විභාග දෙපාර්තමේන්තුවේ දී (28)සිදු කෙරිණි.


    රට තුළ උද්ගතව ඇති වත්මන් තත්වය හමුවේ පවත්නා සියලු අභියෝගයන්ට නොබියව මුහුණ දෙමින්, මෙම විභාග ප්‍රතිඵල දරුවන් වෙත ලබාදීමට උත්සුක වූ විභාග දෙපාර්තමේන්තුවේ සියලු
    කාර්ය මණ්ඩලයටත් ඊට නායකත්වය ලබාදුන් විභාග කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු සියලු නිලධාරීන්ටත් අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී සිය කෘතවේදීත්වය පළ කළේය.

    ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.donets.lk වෙත පිවිසීමෙන් සිසුන්ට තම ප්‍රතිඵල පෞද්ගලිකව ලබාගැනීමට අවස්ථාව සැලසෙන අතර, සියලු පළාත් සහ කලාප
    අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත මීට පෙර අවස්ථාවලදී තැපැල් මගින් ලැබුණු පාසල් විභාග ප්‍රතිඵල ලේඛන අද සිට ඉහත වෙබ් අඩවියෙන් බාගත කරගැනීමේ අවස්ථාවද සලසා දී තිබේ.

    රජය විසින් හඳුන්වා දී ඇති නිවසේ සිට වැඩ කිරීමේ සංකල්පයට ප්‍රායෝගික වටිනාකමක් එක්කරමින් විභාග දෙපාර්තමේන්තුවේ තාක්ෂණ නිලධාරීන් පිරිසක් විසින් ඔන්ලයින් ක්‍රමයට විභාග
    සහතික සහ ප්‍රතිඵල ලේඛන ලබාගැනීමටත්, ප්‍රතිඵල විශ්ලේෂණය කිරීමටත් පහසුකම් සැලසෙන පරිදි විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙහි සේවා පහසුකම් පුළුල් කිරීමට ගෙන ඇති
    පියවර ද මෙහිදී අමාත්‍යවරයාගේ විශේෂ ප්‍රශංසාවට ලක්විය. සේවා පද්ධතින් පහක් යටතේ පාසල් අපේක්ෂකයින්ට, පෞද්ගලික අපේක්ෂකයින්ට, පාසල්වල විදුහල්පතිවරුන්ට. කලාප සහ
    පළාත් අධ්‍යාපන බලධාරීන්ට ප්‍රතිඵල ලේඛන PDF සහ EXEL ආකෘතියෙන් ලබාගැනීමට ඒ අනුව අවස්ථාව සලසා තිබේ.

    විසිඑක්වැනි සියවසේ තුන්වෙනි දශකයට ප්‍රවේශ ව සිටින ශ්‍රී ලාංකේය ප්‍රජාව වෙත ඩිජිටල් තාක්ෂණය සම්ප්‍රේෂණය කිරීම සහ එම පහසුකම් සමීප කරවීම ජාතික අවශ්‍යතාවයක් ව පවතින බවත්,
    මෙවැනි වකවානුවක එමගින් ලබාගත හැකි සහාය ඉතා වැදගත් බවත් ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා අවධාරණය කළේය. මෙම අවස්ථාවට විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා
    ද, අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya