මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දියාවේ බැංගලෝර්හි සිට පැමිණි සිසුන් සියලු දෙනා නිරෝධායනයට

    අප්‍රේල් 28, 2020

    ඉන්දියාවේ බැංගලෝර් හි සිට ශ්‍රී ලංකන් ගුවන් යානයක් මඟින් ශ්‍රී ලංකික සිසුන් 164 දෙනකු අද දින මෙරටට රැගෙන ආ බව COVID - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී  යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (28) කියා සිටියේය.

    එම සිසුන් සියලු දෙනා මේ වන විට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යමින් පවතින බවත්, යුධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වලින් 77 දෙනකු තම නිරෝධායන කටයුතු අවසන් ව PCR පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ නිවෙස් කරා මුදා හැරීමට කටයුතු කළ බවත් යුධ හමුදාපතිවරයා මෙහි දී සඳහන් කර සිටියේය.

    මේ වන විට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන මඟින් 4,526 කු තම නිරෝධායන අවසන්ව නිවෙස් කරා මුදා හැරීමට කටයුතු කර ඇත.

    එමෙන්ම, නාවික හමුදාවේ වෛරසය අසාදිත වූ විරෝදාර රණවිරුවන් සමීපව ඇසුරු කළ පුද්ගලයින් සහ අනිකුත් පාර්ශ්ව සියලුදෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන ඒමට කටයුතු කර තිබෙන බවත් මෙහි දී යුධ හමුදාපතිවරයා අවධාරණය කර සිටියේය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya