මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇඳිරි නිතීය ලිහිල්කළ පසු අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා පොදු ප්‍රවාහන සේවා ආයතන මට්ටින් යොදා ගැනීමට අවධානය

    අප්‍රේල් 28, 2020

    ඇඳිරි නිතීය ලිහිල් කළ පසුව අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා පොදු ප්‍රවාහන සේවාව ආයතන මට්ටින් යොදා ගැනීමට කටයුතු යොදා ඇති බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලී රණවක මහතා රජයේ නිල වෙඩ් අඩවියට පැවසීය.

    රජයේ නිලපුවත් වෙබ් අඩවිය කළ විමසුමක දී අදහස් දැක් වු ඒ මහතා පැවසුවේ,මෙම තීරණාත්මක අවස්ථාවේ අනෙක් කිසිදු අවශ්‍යතාවයක⁣ට නිවසින් බැහැරට නොආ යුතු බවයි. එසේම අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා අගනුවරට පැමිණෙන රජයේ සේවකයින් සඳහා ප්‍රවාහන සේවාව සැපයීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත්,එවැනි අවශ්‍යා ඇති රජයේ සේවා ස්ථාන සඳහා මීට පෙර ලියාපදිංචි වීමට දැනුම්දී ඇති බවත් කීය.

    මීට අමතරව,පිට පළාත් සඳහා ලංගම බස් රථ වැඩි වශයෙන් යෙදවීමට උපදෙස් ලබා දුන් බවයි. (25) දිනයේ දී රජය විසින් ගන්නා ලද තීරණයට අනුව පොදු ප්‍රවාහන කටයුතු සඳහා පුද්ගලික හැදුනුම්පතේ අවසන් අංකය අනුව ගමන් කිරීමට දිනයන් ලබාදී ඇත. එය උපරිමයෙන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත්,ඊට ජනතාව සහාය ලබා දිය යුතු බවත් කිංස්ලී රණවක මහතා කීය.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya