මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇඳිරිනීති බලපත්‍රය හෝ සේවා ස්ථාන හැඳුනුම්පත අවභාවිතා නොකරන්න- සෑම විටම සෞඛ්‍ය බලධාරීන් ලබා දෙන උපදෙස් මත සේවා ස්ථාන පවත්වාගෙන යන්න

    අප්‍රේල් 28, 2020

    ඇඳිරිනීතිය ඉවත් කළ අවස්ථාවේ දී තම සේවා ස්ථාන, රජයේ හෝ පුද්ගලික කාර්යයාල, කර්මානතශාලා පවත්වාගෙන යාමේ හැකියාව තිබෙන අතර සෑම විටම සෞඛ්‍ය බලධාරීන් ලබා දෙන උපදෙස් මත එම සේවා ස්ථාන පවත්වාගෙන යා යුතු බවත්, ආයතන ප්‍රධානීන්ට උපදෙස් ලබා දී ඇති පරිදි සේවක සංඛ්‍යාවෙන් ප්‍රතිශතයක සේවකයින් පමණක් සේවා ස්ථානයට සහභාගී විය යුතු බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඊයේ (27) COVID - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී ප්‍රකාශ කර සිටියේය.

    පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමේ දී ද පවත්නා ආසන සංඛ්‍යාවෙන් 50% ක් පමණක් භාවිතා කළ යුතු බවත් ඒ පිළිබඳව ශ්‍රී ලංකා පොලීසිය අවධානයෙන් පසු වන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කර සිටි.

    ඇඳිරිනීතිය ලිහිල් කරන අවස්ථාවේ දී කණ්ඩායම් වශයෙන් ගැවසීම, සාද පැවැත්වීම ආදී සමූහ ක්‍රියාකාරකම් කිරීමෙන් වළකින ලෙසත්, ස්වයං රැකියාවල නිරත වන පුද්ගලයින්ට, කුලී වාහන සහ ත්‍රි රෝද රථ රියදුරන්ට තම රැකියාවේ නිරත වීමට අවකාශ ලැබෙන අතර, සැම අවස්ථාවක දීම නිරෝධායන රීතීන්ට අනුව කටයුතු කළ යුතු වේ. ඇඳිරිනීතිය ලිහිල් කළ ප්‍රදේශ වල පුද්ගලයින් තම අවශ්‍යතා සඳහා පිටතට යාමේ දී ජාතික හැඳුනුම්පතෙහි අවසාන අංකයට හිමි දිනයට අනුව කටයුතු කිරීම ඉතාමත් යෝග්‍ය බව ද අජිත් රෝහණ මහතා මහජනතාවට උපදෙස් දෙනු ලැබීය.

    තවදුරටත් ඇඳිරිනීතිය බලපැවැත්වෙන කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම යන දිස්ත්‍රික්කයන් හි අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් හැරෙන්නට ඇදිරිනීති බලපත්‍රයක් නොමැතිව කිසිවෙකුට ගමන් කිරීමට නොහැකි අතර එකී දිස්ත්‍රික්ක වල හැඳුනුම්පත් අංක භාවිතා කරමින් ගමන් කිරීම සපුරා තහනම් බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කර සිටි.


    ඇඳිරිනීති බලපත්‍රය හෝ සේවාස්ථාන හැඳුනුම්පත අවභාවිතා නොකරන ලෙසත්, ඇඳිරිනීතිය නොමැති ප්‍රදේශ වල පොලිස් නිල ඇදුමෙන් සහ සිවිල් ඇදුමෙන් නිළධාරීන් යොදවා ඇති අතර ඇඳිරිනීතිය ඉවත් කළ අවස්ථාවේ දී වුව ද සමාජ දුරස්ථභාවය නොමැතිව සිටින, කණ්ඩායම් වශයෙන් ගැවසෙන, රැස්වීම් පවත්වන හෝ වෙළඳසල්/ආර්ථික මධ්‍යස්ථාන වල එවැනි සමුහ වශයෙන් කටයුතු කරන්නන් (28) දිනයේ සිට අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව අජිත් රෝහණ මහතා තවදුරටත් අවධාරණය කර සිටියේය.


    ඇඳිරිනීතිය පැනවූ දා සිට මේ වන තෙක් අත්අඩංගුවට පත් වූ පිරිස 40,095 ක් සහ වාහන 10,332 ක් වන අතර පසුගිය පැය 12 ක කාලය තුළ දී පමණක් පුද්ගලයින් 222 ක් අත්අඩංගුවට පත් වී ඇත. පොලිස් භාරයට ගන්නා වාහන නීතිමය ක්‍රියාමාර්ග අවසන් වන තුරු මුදා හැරීමක් සිදු නොකෙරේ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya