අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැඩිහිටියන් වෙනුවෙන් ආධාර ලබාදීමේ වැඩපිළිවෙල ආරම්භ කළා

    අප්‍රේල් 16, 2020

    කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ මෙරට සිටින ලක්‍ෂ 31 වන අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන් වෙනුවෙන් ආධාර ලබා දීමේ වැඩපිළිවෙලක් ජාතික වැඩිහිටි මහලේකම් කාර්යයාලය විසින් ආරම්භ කළ අතර එහි රුපියල් 5,000 දීමනාව මේ වන විට ලබා දී අවසන් බව වැඩිහිටි, විශ්‍රාම වැටුප් මහා ලේකම් කාර්යයාලයේ අධ්‍යක්ෂ සමන් උඩවත්ත මහතා මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී කියා සිටියේය.

    එමෙන්ම, පොරොත්තු ලේඛනයේ සිටි 157,000 කට ආසන්න අවුරුදු 70 ට වැඩි පිරිසට මුල්‍ය ප්‍රතිලාභ ලබා දීම මේ වන විට අවසන් කර ඇති බවත්, ඊට අමතරව වූ වයස අවුරුදු 70 ඉක්ම වූ අඩු අදායම් ලාභී වැඩිහිටියන් 60,000 ට ආසන්න පිරිසක් ග්‍රාමීය කමිටු විසින් හඳුනාගනු ලැබූ කණ්ඩායමක් ද හඳුනගෙන ඇති බවත්, කාර්යය සාධක බළකායේ උපදෙස් මත එම හඳුනාගත් පිරිස වෙත ද හැකි ඉක්මණින් මෙම ප්‍රතිලාභ ලබා දීමට කටයුතු කරන බවත් ඒ මහතා මෙහි දී සඳහන් කර සිටියේය.

    ඒ අනුව, මෙරට අඩු අදායම්ලාභී වැඩිහිටි බහුතරයකට අවශ්‍ය ප්‍රතිපාදන මේ වන විටත් ලබා දී අවසන් කර ඇති බවත් මෙහි දී ඒ මහතා සඳහන් කර සිටියේය. මේ වන විට මිලියන 2,600 ක් මෙරට වැඩිහිටියන් වෙත ලබා දීමට කටයුතු කර ඇතැයි ද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කර සිටියේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya