අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුපියල් මිලියන 12,025 කට වඩා වැඩි ප්‍රමාණයක ප්‍රතිලාභ ගෙවා අවසන්- සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්  

    අප්‍රේල් 16, 2020

    රජය මඟින් ලබා දෙන උපදෙස් වලට අනුව සමෘද්ධි ව්‍යාපාරය හා සම්බන්ධ වී කටයුතු කරනා අඩු අදායම්ලාභී පුද්ගලයින් වෙත රුපියල් 5,000 බැඟින් ලබා දෙන දීමනාවන් මේ වන විට ගෙවා අවසන් බවට වාර්තා වී ඇති බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරී මහතා, (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී කියා සිටියේය.

    ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා පොරොත්තු ලේඛන වලට ඇතුළත් වීමට බලාපොරොත්තුව සිටි පිරිසත් සමඟ 2,405,001 ක ප්‍රමාණයකට ඊයේ (14) වන විට රුපියල් මිලියන 12,025 කට වඩා වැඩි ප්‍රමාණයක ප්‍රතිලාභ ගෙවා අවසන් බවත්, අප්‍රේල් මස ලැබීය යුතු සමෘද්ධි සහනාධාර මුදල් වශයෙන් රුපියල් මිලියන 3,400 ක පමණ ප්‍රතිලාභ ද ජනතාව වෙත ලබා දීමට කටයුතු කර ඇති බවත් මෙහි දී සඳහන් කර සිටියේය.


    පවත්නා තත්ත්වය හමුවේ වුව ද රජය මඟින් ගනු ලබන ඉදිරි වැඩපිළිවෙලවල් සඳහා ද තම දෙපාර්තමේන්තුවේ 25,000 ට වැඩි නිළධාරීන් ජාලය විසින් සහයෝගය ලබාදෙනු ලබන බවත් ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya